2022-02-17

Google වල logo වේ කථාව.

Google අප සිතනවාට වඩා අපගේ ජීවිතය අවට නිරතුරු වෙසෙන, නෙක ආකාරයෙන් අපගේ ජීවිත වෙතට බලපාන සගයෙකු වී හමාරය. ලෝකයේ භාවිතාවන logo අතරින් මහත් හුරුවක් නිර්මාණය කරගන්නට ඒ නිසාමදෝ මෙම ලෝගෝවට හැකිව තිබේ. 1997 සිට භාවිතයට පැමිනෙන මෙම දෘශ්‍ය අනන්‍යතාවය අද වන විට ලොව පුරා විසිර පැතිර සිටින අපමනක් මිනිසුන්ගේ දෛනික හුරුවක්ව තිබේ. 1995 පමන "Backrub." නමින් ඇරබෙන, ඊට දෑවසරකට පසුව Google ලෙසට නම් වන මෙම internet දැවන්තයාගේ  logo නිර්මාන  7ක් පමන පසුකර තිබේ. එසේ මුත් color palette ලෙසට සැලකීමේදී ඒකමිතක බවක් ගන්නා මෙහි "official" version එක 1998 සිදුවූ බවට පිලිගැනේ. 1999 සිට අද දක්වා වන භාවිතාව වඩාත් ඒක මිතක බවක් පෙන්වයි.
Pubudu Siriwansa


 

US වල TikTok තහනම.

කෙටි වීඩියෝ සදහා ලොව ප්‍රමුක ස්ථානයක් දිනාගන්නට සමත්වූ TikTok සමාජ ජාලාව තම America භාවිතාව වන 170 million වලින් සමුගන්නට අද නියමිතව ඇත. ඒ එ...