2022-02-17

Google තම ‘Privacy Sandbox' පැහැදිලි කරයි.

එය දෙපැත්ත කැපෙන ආයුධයක් වැනිය. එක් පසකින් ඔවුනට තම භාවිතාකරන්නන් වඩ වඩාත් ඉලක්ක වන ආකාරයට වෙළඳ පොල වෙතට විවෘත කලයුතුය. අනෙක් දෙසින් භාවිතාකරන්නන්ගේ පෞද්ගලිකත්වය  වඩ වඩාත් ‍රැක දිය යුතුව ඇත. විශේෂයෙන් බ්‍රවුසර භාවිතාව මෙහිදී වඩාත් කැපී පෙනෙන්නේ භාවිතාකරන්නන්ගේ සිතුම් පැතුම් සදහා වඩාත් සමීපවන ක්‍රියාකාරීත්වය එය බැවිනි. මේ නිසාම එම ආයතනයන් නිරන්තරයෙන් මේ දෙපස දෙසට වැඩි අවධානයක් යොමුකරන්නට කටයුතු කරමින් සිටී.
     Google ආයතනය පවසන්නේ තමන් Crome සමග කටයුතු කිරීමට දියුනු කරන ලද  ‘Privacy Sandbox’ feature එක Android operating system සමග කටයුතු කරන්නටද සූදානම් කරමින් සිටින බවයි. iOS වැනි තරග කරුවන් සමග සැසදීමේදී Android දුර්වල යැයි චෝදනා ලබන එක අංගයක් වන privacy-friendly බව  සදහා මෙම අංගය සහය වනු ඇති බවට ඔවුන් බලාපොරොත්තු පල කරනවා. තල කිහිපයක් ඔස්සේ සිදුවන දියුනු කිරීම් ඔස්සේ තම භාවිතාකරන්නන්ගේ අනන්‍යතාවයන් සර්වර වෙතට කෙලින්ම විවෘත නොකර “Advertising ID” වැනි කාංග කිරීම් ක්‍රම ඔස්සේ ඔවුන්ගේ සිතැගි වෙළඳ ලෝකය වෙතට විවෘත කිරීම ඔවුන්ගේ බලා පොරොත්තු බව පැහැදිලි කරනවා. වැඩි දුරටත් පැහැදිලි කරමින් ඔවුන් පවසන්නේ  Privacy Sandbox  ඔස්සේ තම products හා platforms වලදී වඩාත් limit tracking බවක් සමග තම advertising revenue බව ඉඅහලට ගෙනෙන්නට තමන් කටයුතු කරන බවයි.
Pubudu Siriwansa


 

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...