2022-02-09

Microsoft Defender Preview Microsoft Store හා Google Play වලට පැමිනීම ඇරබේ.

Windows Defender පිලිබඳව මෑතකාලීන වාර්ථා පවසන්නේ එය Paid සංස්කරනයන් මෙන්ම premium මට්ටමේ ආරක්ශක මෘදුකාංගයක ප්‍රමිතීන් වල සිටින බවකි. ලොව ප්‍රධාන පෙලේ හැදෑරුම් ආයතන වල වාර්ථා කිහිපයක් මේ බව තහවුරු කරමින් සිටී.  දැනටමත් Windows 10 හා Windows 11 වලට සංයුත්තව පැමිනෙන මෙම ආරක්ෂක මෘදුකාංගය Microsoft Defender Preview නම් app එකක් ලෙසට Android smartphones සදහාද සූදානම්ව තිබෙනවා.ඒ අනූව Microsoft Defender Preview සංස්කරනය Windows devices සදහා  Microsoft Store වලත්  Google Play Store වල Android devices සදහාත් සූදානම්ව තිබෙනවා. හදාරන්නන් පෙනවා දෙන්නේ Android devices වලදී Microsoft Defender Preview සංස්කරනය වඩාත් දෘශ්‍ය තොරතුරු ගෙනෙන අතර බාගත කිරීම් වල මූලාංශ්‍ර පිලිබඳව භාවිතාකරන්නා වෙතට notification ඔස්සේ අනතුරු අගවන්නට ක්‍රියාකිරීම වැනි බොහෝ දේ වන බවටයි පවසන්නේ. Microsoft Defender Preview සූදනම්ව ඇති always-on service එකක් ලෙසට ක්‍රියාත්මක වන්නට “Accessibility Services” permission ද බලාපොරොත්තු වන අතර battery life වලට සිදුවන බල පෑම ගැනද අවධානයෙන් සිටින්නට සූදානම්ව සිටින බවට වාර්ථා වෙනවා. තවමත මෙම Windows Defender Preview සංස්කරනය US වල Windows 11 / Android සදහා සූදානම්ව ඇති අතර ක්‍රමයෙන් අනෙකුත් රටවලට විවෘත වනු ඇති බවට බලාපොරොත්තු වෙනවා,
Pubudu Siriwansa


 

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...