2022-02-03

iPhone SE 3 සූදානම් වෙමින් ඇත.

නිල නොවන වාර්ථා පවසන්නේ iPhone SE 2020න් පසුව එන්නට නියමිත මීලග සංස්කරනය වන iPhone SE 3 මේ වන විට testing මට්ටමින් India වලට මුදා හැර ඇති බවයි. Apple ආයතනයේ මීලග budget iPhoneය වන මෙම නිකුතුව SE 2020 සංස්කරනයට වඩ මිළෙන් අඩුවන අතර බොහෝ විට එලබෙන March / April අතර කාලසීමාවේදී නිකුත් වන්නට සූදානම් බවක් පල වනවා. iPhone SE  වල next-gen වන මෙම නිකුතුව A2595, A2783, හා A2784 ලෙසට වන model numbers වලින් පැමිනෙන බවට බලාපොරොත්තු වනවා. 91Mobiles පවසන්නේ මෙම නිකුතුව ඉන්දියාවට පැමිනෙන විට $300  මිළක් වන අතර එය iPhone SE 2020 වල මිල වූ $399 වලට වඩා පහලින් සිටිනු ඇති බවයි. 4.7-inch display සහිතව මෙන්ම 5G හැකියාව සහිතව මෙම නව නිකුතුව ඒනු ඇති බවට බලාපොරොත්තු පලවනවා.
Pubudu Siriwansa


 

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...