2022-02-04

AirTags මිතුරෙකු සේම හතුරෙකුද විය හැකි බවට...

AirTags තවත් අපූරු සගයෙක් වන්නේ දෛනික ජිවිතයේ ඔබ වටා ඇති සමහර බහුල භාවිතාවක් ගන්නා උපකරණ නිතැතින්ම ඔබගේ දෘශ්‍ය ශ්‍රව්‍ය මානයට ගෙනෙන්නට සමත්වන නිසාය. විශේෂයෙන් keys වැනි කුඩා වැදගත් අංග  සදහා එය වැදගත් වන්නේ ඒවා සමග මෙම AirTags දවටා තැබු විට හා ඒවා සොයා ගන්නට අපහසුවක් ඇති වන විට ඕබේ ස්මාර්ට් දුරකථනය වැනි සහයෙකයෙකු ඇසුරින් පහසුවෙන් ඇති තැන් හඳුනාගන්නට හැකි නිසාය. එසේම හදාරන්නන් පවසන්නේ මේවා iPhone මෙන්ම Android භාවිතාකරන්නන් සමග ඔබමොබ නිරන්තරයෙන් යමින් ඔවුන් ගැන දෛනික තොරතුරු ‍රැස් කරන්නෙකුගේ චරිතයටද පහසුවෙන් පිවිසෙමින් සිටින බවයි. ඔවුන් පෙනවා දෙන්නේ මේවායේ වන internal speaker එකක් මගින් beep හඬක් සමග අදාල අංගය ඔබගේ අවධානයට ගෙනෙනවා සේම එම සේවා සපයන ආයතන වලටද ඔබගේ චර්යාවන් ගැන බොහෝ තොරතුරු පවසන්නට කටයුතු කරනවා විය හැකි බවයි. තවත් විටක එම වැදගත් අංගයන් පැහැරගන්නට තැත් කරන කෙනෙකුටද ඔබ සගවා ඇති තැන් වලින් ඒවා ලබ ගන්නට ඇති ඉඩ කඩද නොසැලකියම හැකි බවයි.
Pubudu Siriwansa

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...