2022-02-12

බැටරි බලයේ යහපැවැත්මට සරල පියවර කිහිපයක්.

සමහර විටක දැනටමත් අප දන්නා සරල කාරනා පිලිබඳව නොසැලකිලිමත් බව අපගේ තොරතුරු උපාංග වෙතට තීරනාත්මක හානීන් කරන අවස්තා බොහොමය. එය ජංගම උපාංගයක් වන විට එහි වන batteryය තීරනාත්මකය. ආරෝපණයෙන් පසුව ක්‍රමානුකූලව එහි ධාරිතාවය වැයවීම එහි ස්වභාවයය. එහෙත් ආරෝපන ක්‍රියාවලියේ සිට එය භාවිතාකරන ආකාරය දක්වා නෙක කටයුතු වලදී අවධානයෙන් කටයුතු කිරීම ඔස්සේ මේ බව පාලනයට හැකිවීම හදාරන්නන් නිතර මතක් කැරදෙන කාරනයකි. එසේම විවිධ හදාරන්නන් මේ සදහා විවිධ මත දැරීමද බහුලව දැකිය හැකිය.
     ඔබ දුරක්ථනයේ ආරක්ෂාව සදහා භාවිතාකරන cases ද එම උපංග වලට ධනාත්මකව බලපාමින් කටයුතු කරන මුත් බැටරි ආරෝපන ක්‍රියාවලියේදී නම් ගැටළු සහගත විය හැකිය. එනම් ඒවා විසින් උපකරණය රත්වීමේ ක්‍රියාවලිය වේගවත් කර නිසාය. මෙම කවරවල ඝනත්වය මෙන්ම නිර්මාණයට භාවිතාකර ඇති ද්‍රව්‍ය අනූව මෙම තත්වය වෙනස් විය හැකිය. හොඳම උපදෙස වන්නේ ඔබගේ උපකරණය charge කරන විට overheat බවක් පෙන්වන්නේ නම් කවර ඉවත්කිරීම හෝ වෙනත් සුදුසු කවරයකට යාම හිතකර වනු ඇත. තවත් සරල උපදෙසක් වන්නේ "Low හෝ high-temperature පරිසරයන් පිලිබඳව අවධියෙන් සිටීමය එයද බොහෝ විට දත්ත උපාංගයට හානිකරන්නට හේතු වේ. Apple ආයතනය උපදෙස් දෙන්නේ වඩාත් හිතකර පරිසරය 16 - 22C (62 - 72F) ලෙසටයි.
   උපකරණයේ එය  low-power mode එක හැමවිටම ධනාත්මක නොවන බව ද තවත් මතයකි. මෙහිදී උපාංගය මතවන සමහර ක්‍රියාකාරකම් නැවති තිබීම ඔස්සේ එහි උපරිම ප්‍රයෝජනයට බාදා වේ. සමහර විට යාවත්කාලීන ක්‍රියාවලීන් වලට වැඩි වෙලාවක් ගැනීමද සිදුවේ. තවත් කාරණාවක් වන්නේ Auto-Brightness feature එක සක්‍රියව තැබීම ඔස්සේ අනවශ්‍ය ලෙසට බල වැය පාලනයට කටයුතු කිරීම වැදගත් වීමය.
Pubudu Siriwansa


 

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...