2022-02-27

iPhone අනවසර භාවිතය සීමා කරන්නට.

ඔබගේ ජංගම දුරකථනය පෞද්ගලික දෙයකි. නමුත් කාලාතුරකින් හෝ එය ඔබගේ හිතවතෙකු සමග බෙද අහදාගන්නට සිදුවීම සාමාන්‍ය දෙයකි. එහෙත් එවන් අවස්ථාවකදී සීමාව ඉක්මවා එය අනෙකෙකුගේ පරිහරනයට ලක්වීම ඔබ තුල අපහසුවක් ගෙනෙන්නක් වන්නට ඉඩ ඇත. මෙවන් අවස්ථාවකදී ඔබගේ සහයට පැමිනිය හැකි දැනටමත් ඔබගේ iPhone සමග වන අංගයක් ලෙසට App Limits සමග වන හැකියාවන් දැක්විය හැක. ඒ සදහා පිවිසෙන්නට Settings > Screen Time > App Limits > Add Limit  Creativity ඔස්සේ හැකි අතර එහි වන තේරීම් අතරින් Photos ඔස්සේ පිවිස වේලා සීමාවක් දිය හැක. එසේම Screen Time page වලදී Use Screen Time Passcode  දීමෙන් passcode එක ඔස්සේ මෙම සීමා වීම ඉක්මවන්නට ඔබට හැකි වනු ඇත. Ignore Limit ඔස්සේ passcode එක සමග ඔබට මෙම සීමාව පහසුවෙන් ඉකවා යන්නට හැකි වනු ඇත.
Pubudu Siriwansa 

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...