2022-02-03

Raspberry Pi OS වල 64-bit download සූදානම්.

තොරතුරු තාක්ෂණය දෙසට වඩාත් ප්‍රායෝගිකව පැමිනෙන්නන්ගේ සිත් ගන්නා භවිතාවක් ලෙසට Raspberry Pi Foundation (RPF) ගෙනෙන Raspberry Pi OS එක හැඳින්විය හැක. එම ආයතනය පවසන්නේ මෙතෙක් කල් තම මෙහෙයුම් පද්ධතිය සීමාවූ 32-bit වලින් ඉදිරියට යමින් 64-bit සංස්කරනයක් හඳුන්වා දෙන්නට කටයුතු කර ඇති බවකි. මෙම 64-bit සංස්කරණයත් සමග 4GB - RAM හා වැඩි හැකියාවක් සමග කටයුතු කරන්නට හැකි වනු ඇත. ඔවුන් වැඩිදුරටත් පැහැදිලි කරන්නේ Raspberry Pi computers සැලකීමේදී Pi 1, Pi 2, මෙන්ම Zero මට්ටමේදී 32-bit operating systems  මට්ටමට සහය දක්වන අතර Zero 2, Pi 3, මෙන්ම Pi 4  වලදී 64-bit operating systems මට්ටමට සහය දක්වනු ඇති බවයි. සමහර තාක්ෂණික දුර්වලතා කිහිපයක් වන මුත් නව පැමිනීම බොහෝ භාවිතකරන්නන්ගේ ප්‍රසාධයට ලක්වනු ඇති බවට බලාපොරොත්තු පල වෙමින් තිබෙනවා
Pubudu Siriwansa


 

US වල TikTok තහනම.

කෙටි වීඩියෝ සදහා ලොව ප්‍රමුක ස්ථානයක් දිනාගන්නට සමත්වූ TikTok සමාජ ජාලාව තම America භාවිතාව වන 170 million වලින් සමුගන්නට අද නියමිතව ඇත. ඒ එ...