පරිගණක භාවිතාකරන්නන් අතර Kaspersky නාමය අසා නැත්තන් වේනම් ඒ ඉතා අල්ප වශයෙනි. ලොව ආරක්ශක මෘදුකාංග නිෂ්පාදනය කරන සමාගම් අතර එයට හිමි වන්නේ ඉමහත් පිලිගැනීමකි.1997දී පිහිටවෙන මෙම ආයතනය සදහා මූලිකවන්නේ eugene Kaspersky හා nataliya kasparski යන දෙපොල වේ. මෙම යුවල පලමුවෙන් හමුවන්නේ ඊට දස වසකට පෙර ගනිත සිසුවන් ලෙසට වන අතර එම අධ්‍යාපනයෙන් අනතුරුව eugene Kaspersky ආරක්ශක අංශයට සම්බන්ද වන අතර nataliya kasparski වෙළඳ සමාගමක රැකියාවට පිවිසෙයි. 1989 Cascade virus හානිකරය හැදෑරීමට පිවිසෙන eugene Kaspersky තුල මැල්වෙයාර් පිලිබදව හැදෑරීමට වැඩියෙන් සිත් යොමුවන අතර සමහර අවස්ථවලදී හෝරා 20 කට අදිකව එකම තැනක අසුන් ගෙන තම හැදෑරීම කරගෙන යන්නට තරම් කැපවීමක් සහිත කටයුතු කරන්නට පටන් ගනී.
1997දි තම පලමු නිෂ්පාදනය නිකුත් කිරීමෙන් අනතුරුව eugene Kaspersky ආයතනයේ පරිගණක වෛරස පිලිබදව දත්ත ගබඩාව වේගයෙන් වර්ධනය කැපවෙන අතර nataliya kasparski වැඩි යෙන්ම යොමු වන්නේ අලවිකරනය දෙසටයි.ඇය ආයතනයේ CEO තනතුරට පත්වන අතර 1998 දෙදෙනගේ විවාහ දිවිය අවසන් වෙයි. eugene Kaspersky ගේ දෛනික හැදෑරීම් දිනකට මැල්වෙයාර් 300 තරම් දක්වා වන තරමට කැපවීමක් සමග ආයතනය වඩවඩාත් කීර්තිමත් ආරක්ශක මෘදුකාංග සමාගමක් ලෙසට වඩ වඩාත් භාවිතාකරන්නන් අතර තහවුරුවීම ඇරබේ.පරිගණකයක හානිකරයන් වඩාත්ම හොඳින් හදුනා ගන්නා මෙන්ම ඒවා ඉවත්කිරීමට වඩාත් සාර්ථකව කටයුතු කරන ආරක්ශක මෘදුකාංගය බවට Kaspersky පත්වන්නේ පරිගණකයේ මෙන්ම භාවිතාකරන්නාගේ ආරක්ශාවට අදාල වන තවත් අංගයන් එම නිෂ්පාදනයට සංයුත්ත කරගනිමිනි.2007දී පමන ඇය ආයතනයෙන් ඉවත්වන අතර ඔහුසමාගම වඩාත් කාර්යක්ශම ඉදිරියට ගෙන යාමේ වගකීම භාරගනී.මේ වන විට Kaspersky Lab රටවල් තිහක් පුරා පැතිර ඇති අතර ලොව පුරා භාවිතාකරනන් මිලියන 300කට ආරක්ශිත පරිගණක භාවිතාවක් ලබා දෙන ආයතනයක් ලෙසට පිලිගැනේ.