2023-03-04

Horizon Worlds වලින් දරුවන් ඈත්කොට තබන්න.

Meta වල Horizon Worlds පැහැදිලි කෙරෙන්නේ “cumulative set of immersive virtual reality experiences” ගෙනෙන්නක් ලෙසටය. එහිදී virtual events වල කොටසක් වන්නටත්, games වල යෙදෙන්නටත්, අනෙකුන් සමග communicate කරන්නටත් සහය දෙනවා සේම වඩාත් හෙට දවස දෙසට යොමුවුන  අවකාශයක් ගෙනෙනට කටයුතු කරමින් සිටින්නකි. මේ වන විට ඇමරිකානු රජයේ ඉහල මට්ටමින් උපදෙස් ලැබෙමින් තිබෙන්නේ තරුණ දරුවන් Horizon Worlds වලින් ඉවත්ව තබන්නට බවයි කියවෙන්නේ. වැඩි දුරටත් කියවෙන්නේ මෙම නව ප්‍රවනතාවන් විසින් කායික මෙන්ම මානසිකව දරුවන් තුල සිදුකරන්නට හැකි බලපෑම පිලිබඳව එහිදී අවධානයට ලක්ව ඇති බවයි. එක් හැදෑරුම් වාර්ථාවකට අනූව තරුන දැරියන්ගෙන් 32%ක් තුල තමන් පිලිබඳව අසතුටක් නිර්මණය කරන්නට Instagram භාවිතාව හේතුව ඇති බවටයි වාර්ථා වෙමින් ඇත්තේ.
Pubuud Siriwansa


 

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...