2012-12-30

චීනයේ අන්තර්ජාල රෙගුලාසි වෙනස් මුහුනුවරකට....


චීන රජය විසින් පසුගිය සිකුරාදා පනවන ලද නවනීතිරීති අලට අනූව එරට භාවිතාකරන්නෙකුට  තම අන්තර්ජාල ක්‍රියාකාර කම් තුල ව්‍යාජ නාමයන්ගෙන් පෙනී සීටීමේ හැකියාව ඇති මුත් අදාල අන්තර්ජාල සේවාව සපයන්නා සතුව පෙරකී භාවිතාකරන්නා පිලිබදව සියලු සත්‍ය තොරතුරු සතුව තිබිය යුතු බවටයි පැවසෙන්නේ. අනවශ්‍ය ලෙස අන්තර්ජලය මත තදබදය ඇති කිරීම් වැලකීම මෙන්ම හානිකර මෘදුකංග මුදා හැරීම කාරනා මෙන්ම දේශපාලනිකව හානිකර අදහස් පැතිරවීම වැලකීම මෙම පියවරයන්හි ඉලක්කය වී ඇති බවටයි පැවසෙන්නේ.
                              අන්තර්ජාලය තුල සෙයුම් යන්ත්‍ර හා කියවෙන ප්‍රධාන ස්තාවරයක් දරන ගූගල් සමාගම හා චීන රජය අතර පසුගියකාලයේදී ගැටලු රාශියක් පැන නැගුනු අතර ගූගල් හා සම්නද වෙබ් අඩවි තහනමට ලක්කිරීම මෙන්ම එරට ප්‍රධාන පෙලේ ක්‍රියකාරීන්ගේ ජී මේල වලට අනවසර පිවිසීම් කිහිපයක් සමග මෙම තත්වය වඩාත් තීව්‍ර වී ඇති බවට පසුගිය කාලයේ වාර්ථා වුනු අතර පසුව දේපාර්ශවය අතර සමත භාවයකට පැමිනි බවක් වාර්ථා වී තිබුනා. මේ වන විට ගූගල් සෙවුම් යන්තර එරට දෙවන මට්ටමේ වැඩියෙන්ම භාවිතාවන සෙයුම් යන්ත්‍රය බවට වාර්ථ වන අතර දෛනිකව භාවිතාවන වෙබ් අඩවි අතර මුල් ප්‍රථිපල පහම තවමත් හිමිවන්නේ ගූගල් වලට  බවටයි වාර්ථා පවසන්නේ.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...