2012-12-02

බ්‍රවුසර තරගයේ නවතම තොරතුරු කිහිපයක්...



බ්‍රවුසරයන් අතර තරගය අන්තර්ජාලය තුල සදාතනිකව පවතින්නක වනු ඇති බව විචාරක මතයකි. ආයතනයන්ගේ පෞර්ෂත්වය  මෙන්ම ආදායම් උපයාදීම ප්‍රධාන කාරනා කිහිපයක් නිසා මෙම තරගය වඩ වඩාත් තීව්‍ර වෙමින් පවතින අතර භාවිතාකරන්නන් දෙසින් බලන විට වඩාත් වේගවත් හා ආරක්ශාකාරී වෙබ් සැරියකට වඩාත් සුදුසු වන්නේ තමන් වීම සදහා එම ආයතන නිරන්තරයෙන් වෙහෙසෙමින් සිටිනු දැකිය හැකිය.
                                 වින්ඩෝස්8 සදහාම නිමවූ ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 10 සංස්කරනය මුලින් පවසා සිටිලෙසට වින්8 සදහා පමනක් සීමා කරන්නට මයික්‍රසොෆ්ට් ආයතනය ගෙන තිබූ තීර්නය වෙනස් කරමින් වින්7 සදහාද ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා සංස්කරනයක් නිකුත්කරන්නට කටයුතු කරන ලද අතර මේ වනවිට එහි අත්හදා බැලීමේ සංස්කරනයක් ලබාදී තිබෙනවා. හදාරන්නන් මැතකදී නිකුත්කල ගනනයන් වලට අනූව මේ වන විට එක්ස්ප්ලොරා 10 හි භාවිතාව සමස්තයෙන් සියයට0.51 ලෙසට පවතින බවටයි කියවෙන්නේ. එක්ස්ප්ලොරාහි 8 වන සංස්කරනය සියයට 24.49 හා එක්ස්ප්ලොරා 9 සංස්කරනය සියයට 20.8 ලෙසටත් ෆයර්ෆොක්ස් 16 සමග  මොසිල්ලා ආයතනය සියයට 12.93ක භාවිතාවක් ලබාගනිමින්  තෙවැනි   හා ක්‍රෝම් 23  භාවිතාවෙන් සියයට 12.93ක්  ලබා ගනිමින් සමස්ත බ්‍රවුසර භාවිතාව තුල හතරවන තැනට පත්ව ඇති බවටයි සටහන් වන්නේ.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...