2012-12-14

ගූගල් , ඇඩෝබි මයික්‍රසොෆ්ට් සමග එක යාවත්කාලීන අඟහරුවාදාවකට.....



මයික්‍රසොෆ්ට් ආයතනය තම මෘදුකාංග සදහා යාවත්කාලීනයන් නිකුත් කරනුයේ සෑම මසකම දෙවන අඟහරුවාදා වීම සාමන්‍ය ක්‍රමවේදයයි.ඇඩෝබි ආයතනයද මෙම සැලසුමට එක්වෙමින් පසුගිය මාසයේ සිට දෙවන අඟහරුවාදා තම මෘදුකාංග සදහා යාවත්කාලීන නිකුත්කිරීමට තීර්නය කරන ලදී. බොහෝ විට එම තීර්නයට ප්‍රධාන හේතුව වන්නට ඇතැයි සැලකෙන්නේ  මයික්‍රසොෆ්ට් ආයතනය තම නවතම මෙහෙයුම් පද්ධතියේ නව සංස්කරනය වන වින්8 සමග පෙර තීර්නය වෙනස් කොට ඇඩෝබි හි ප්ලෑෂ් ප්ලේයරයද එකතුකරන්නට තීර්නය කිරිම වන්නට ඉඩ ඇත.
                      පලවන නවතම වාර්ථා පවසන්නේ ගූගල් ආයතනයද තම ක්‍රෝම් බ්‍රවුසරය සදහා යාවත්කාලීනයන් නිකුත් කිරීමේ ක්‍රමවේදය ඉහත කී රටාවට එකගවෙමින් සෑම මසකම දෙවන අඟහරුවාදා බවට තීර්නය කොට ඇති බවයි. විචාරක මතය වන්නේ ප්‍රධාන මෘදුකාංග හිමිකරුවන් මෙලෙස නිශ්චිත දිනයකදී තම මෘදුකාංග සදහා යාවත්කාලීන නිකුත්කරන්නට තීර්නය කිරීම භාවිතාකරුවන් වෙත ලැබෙන මහත් පහසුවක් වනු ඇති බවයි.

SOCIAL NETWORK Vs tATOO

තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...