2012-12-14

චීනය තුල ව්‍යාජ මෙහෙයුම් පද්ධති භාවිතය ඉහල මට්ටමක.......



මයික්‍රසොෆ්ට් ආයතනය පවසන්නේ චීනය තුල පවතින ව්‍යාජ මෙහෙයුම් පද්ධති භාවිතය ඉතා ඉහල තත්වයක පවතින බවයි. සොයා බැලීමක් යටතේ ඔවුන් විසින් චීනයෙන් මිලදී ගන්නා ලද පරිගණක 169කම  ස්ථාපනය කර තිබුනේ ව්‍යාජ මෙහෙයුම් පද්ධති වන අතරම ඉන් සියයට 91 කම හානිකර මෘදුකාංගද අඩංගුව තිබෙනු දක්නට ලැබෙන බවයි.  ආයතනය පවසන්නේ මෙම තත්වය වෙළද පොල මට්ටමේ පමනක් නොව පරිගණකවල ආරක්ශාව පිලිබදවද කාරනයක් වන බවයි.
                                                                  තවත් ආයතනයක හැදෑරීමකට අනූව ගෙවී ගිය වසරේ චීනය තුල මෘදුකාංග වෙළදපොල තුල අව්‍යාජ මෘදුකාංග අලවිය ඩොලර් බිලියන 2.7 වන විට ව්‍යාජ මෘදුකාංග අලවිය ඩොලර් බිලියන  9ක් තරම්ව පැවති බවයි.මයික්‍රසොෆ්ට් ආයතනය විසින් මිලදී ගන්නාලද පෙර කී පරිගණක 169 හැදෑරීමේදී ඉන් සියයට 59කම හානිකර මෘදුකාංග සංක්‍රීය මට්ටමේ පැවති බවත් බ්‍රවුසරයන් ගෙන සියයට 72ක් ඔස්සේ භාවිතාකරන්නන්ගේ අන්තර්ජාල හැසිරීම් පිලිබද තොරතුරු පහසුවෙන් භාහිර අයවලුන්ට ලබා ගැනීමේ හැකියාව ඉහල මට්ටමක පැවති බවයි.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...