2012-12-31

කතෘ අයිතීන් නොසලකා හැරීම් වේගයෙන් ඉහලට....




පලවන නවතම වාර්ථාවක් පවසන්නේ ගෙවෙමින් යන වසර පුරාවට ගූගල් ආයතනය වෙත කතෘ අයිතීන් ඔස්සේ අනවසරව පලව ඇති  දෑ ඉවත් කරන මෙන් ඉල්ලා කරන ලද ඉල්ලීම් ප්‍රමානය 51,395,353 ක් ලෙසටයි . සාපේක්ශව සලකන විට පෙර වසරට වඩා සීග්‍ර වැඩිවීමක් පෙන්වන මෙම ඉල්ලීම් ප්‍රමානය සදහා ගූගල් ආයතනය උපරිම ලෙස ප්‍රථිචාරය දක්වමින් සිටින අතර දිනකට මිලියන භාගයකට ආසන්න ප්‍රමානයක  සබදතා තමන් පිරික්සමින් සිටින බවටයි ආයතනය පවසන්නේ.
         දිනකට මිලියන භාගයක පමන අනවසර පලකිරීම් සම්බන්දයෙන් පැමිනිලි ලැබෙන වෙබ් ලිපිනයන් ප්‍රමානයක් මේ වන විට තමන් සලකා බලමින් සිටින අතර වැඩිවන මෙම ඉල්ලීම් ප්‍රමානය සලකමින් ගූගල් ආයතනය මේ වන විට තමන් වෙත තම සෙයුම් ප්‍රථිපල වලින් ඉවත් කරන මෙන් කරන වෙබ් ලිපිනයන් ප්‍රසිද්ධ කරන අතර දල ලෙස මෙම වසර තුල තමන් වෙත ලද ඉල්ලීම් අතර වූ වෙබ් ලිපිනයන් භාගයක් පමන ඉවත් කරන්නට කටයුතු කර ඇති බවටයි පවසා සිටින්නේ.මේ වන විට කතෘ හිමිත්වය ඇති එකමුතුවක් විසින් තම අයිතීන් නොසලකමින් දත්ත ගොනු බෙදාහරිනු ලබන ප්‍රකට පෙලේ වෙබ් අඩවීන් ගූගල් සෙයුම් යන්ත්‍රයතුලින් සම්පූර්නයෙන් ඉඅවත් කරදමන මෙන් නැගෙන බලපෑම වැඩි වෙමින් පවතින බවටයි සටහන් වන්නේ.

 

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...