2012-12-29

වින්8 ගැන තම අදහස් පලකරන්නට අවකාශ දුන් ඇප් එක ඇප් ස්ටෝවෙන් ඉවතට....



වින්ඩෝස්8 ඇප්ස් ස්ටෝවර් තුල දෛ නික ජීවිතයේ විවිධ අවශ්‍යතා ඉලක්ක කොටගත් ඇප්ස් මහත රාශියක් මේ වන විට මිළදී ගැනීමේ මෙන්ම නොමිළේ භාවිතාකිරීමේ  හැකියාවෙන් යුතුව ප්‍රදර්ශනය කරනු දක්නට හැකිය. පුවත් විනෝදාංසමය නෙක පෞද්ගලික අවශ්‍යතා ඉලක්ක කොට ගනිමිම් මෙම ඇප්ස් නිර්මානය කොට තිබෙනු දක්නට පුලුවන. වින්ඩෝස් ඇප්ස් ස්ටෝවර් මතට ඇප් මෘදුකාංගයක් නැංවීමේ ක්‍රමවේදය වන්නේ මිර්මාන කරුවා තම ඇප් නිර්මානය  ඇප්ස් වෙතට ලබාදීමෙන් අනතුරුව මයික්‍රසොෆ්ට් ආයතය විසින් එහි ප්‍රමිතීන් පිලිබදව සලකා බලා සතු‍ටු විය හැකි මට්ටමක පවතිනවා නම් පමනක් තම ස්ටෝව වෙත මුදා හැරීමයි.
                  මෑතකදී මෙම ඇප්ස් ස්ටෝව වෙත මුදා හැරුනු ඇප් එකක ක්‍රයාකාරකම වූවේ වින්ඩෝස්8 පිලිබදව භාවිතාකරන්නන්ගේ මත ප්‍රකාශකිරීමට ඉඩ සැලසීමයි. ලිඛිත මෙන්ම වාචික ලෙස මෙම මතපලකිරීමට භාවිතාකරන්නන් හට ඉඩ සැලසුන අතර ඒවා කියවන්නට මෙන්ම සවන් දෙන්නට භාවිතාකරන්නන් හට ඉඩ සලසා තිබිනි. මේ වන විට හදිස්සියේම එම ඇප් මෘදුකාංගය මයික්‍රසොෆ්ට් සමාගම විසින් තම ඇප්ස් ස්ටෝවෙන් ඉවත් කර ඇති අතර මාධ්‍ය කරුවෙකු මේ පිලිබදව සමාගමෙන් විම සිටින විටදී ඔවුන් පවසා ඇත්තේ "අදාල කොන්දේසි වලට යටත්ව ඔනෑම ඇප් මෘදුකාංගයක්  හැසිරෙනතාක් පමනක් ඒවා තම ඇප්ස් ස්ටෝව තුල ප්‍රදර්ශනය වීම සිදුවනු ඇති බවයි".

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...