2012-12-26

ක්‍රෝම් 25 සමග ස්වංක්‍රීය ඇඩෝන ස්ථාපනය වලකනු ඇත



කාලයකදී බ්‍රවුසරයන් වෙත ඇඩෝනයන් ලෙසට අමතර මෘදුකාංග කොටස් අවශ්‍ය වන විටදී නියමිත ලෙස ඒවා බ්‍රවුසරය මත ස්ථාපනයවී නොතිබීම මහත් අපහසුවක්ව පැවති කලයක් විය. සමහර වෙබ් ක්‍රියාකාරකම් සාර්තකව බ්‍රවුසරයමතට කැදවා ගන්නට මෙම ඇඩෝනයන් අවශ්‍ය වූ අතර භාවිතාකරන්නන් විසින් ඒවා ආයාසයකින් ස්ථාපනය කරගන්නට සිදුවන කාලය විය එය. මෙම අපහසුව සැලකූ මොසිල්ලා , ක්‍රෝම් වැනි බ්‍රවුසර ඉදිරිපත් කරන්නන් තම පසු සංස්කරන වලදී එලස අවශ්‍ය වන ඇඩෝනයන් අවශ්‍ය විටකදී භාවිතාකරන්නන්ගේ මැදිහත් වීමකින් තොරව ස්වංක්‍රීයව ස්ථාපනය වන ලෙසට බ්‍රවුසරයන් නිමකර ඉදිරිපත් කරන්නට විය.
                        මීට වසරකට පමන පෙර මොසිල්ලා ආයතනය පවසා සිටියේ මෙලෙස භාවිතාකරන්නාගේ අනුදැනුමෙන් තොරව මෘදු කොටස් බ්‍රවුසරය වෙත ස්ථාපනය වන්නට ඉඩ හැරීම සමහර මෘදුකාංග කරුවන් විසින් අනිසි ලෙස භාවිත කරමින් පරිගණකය වෙත අපහසුතාවයන් කැදවන බැවින් ඉදිරි සංස්කරනවලදී  මෙම ඉඩකඩ අහුරන්නට තමන් ක්‍රියා කල බවයි. ඒ අනූව 2011 අගෝස්තුවේ නිකුත් කල ෆයර්ෆොක්ස් 8 සංස්කරනය සමග පෙරකී ලෙසට භාවිතාකරන්නාගේ දැනුමකින් තොරව ඇඩෝනයන් ෆයර් ෆොක්ස් වෙත ස්ථාපනය වීම වලකා ලන ලදී. එක් උදා හරනයක් ලෙසට ඔවුන් පැවසුවේ ස්කයිප් ඇඩෝනයක් ලෙසට ෆයෆොක්ස් මත ක්‍රියාත්මක වෙමින් තිබියදී 2011 ජනවාරි මාසයේදී එක් සතියයක් තුල පමනක්  ක්‍රැෂ් වීම්  40000 අදිකව වාර්තා වූ බවයි.
                                මේ වන විට ගූගල් ආයතනයද පවසා සිටින්නේ එල බෙන වසරේ පෙබරවාරී මාසයේ නිකුත්වීමට නියමිත ගූගල් ක්‍රෝම් හි 25  සංස්කරන සමග තමන්ද මෙලෙස ස්වංක්‍රීය ලෙස බ්‍රවුසරය මත මෘදුකාංග ස්ථාපනය වීමට ලබාදී තිබූ ඉඩකඩ අහුරාලන්නට තමන් තීර්නය කර ඇති බවයි.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...