2013-07-06

ඔනෑම මතුපිටක් touchscreen කරන්නට WorldKit සුදානම්ලු....

    "දැන් දැන් අපට තේරෙන දෙයක් තමයි තොරතුරු තාක්ශනයට වඩ වඩාත් අපගේ ජීවිත ඇතුලට යන්නට යතුරු පුවරුව බාදාවක් වෙමින් තියනවා කියන එක.පරිගණකය භාවිතාවේදී ඒක ලොකු කාරනාවක් නොවුනත් පරිගණක බව සංයුත්ත වෙච්ච උපාංග භාවිතාව තව දුරටත් සරල ජීවිත රටාවල් තුල වලංගු වන්නට නම් යතුරු පුවරුව වගේ හැසිරවීමට වැඩි අවධානයක් ඉල්ලා සිටින සහය උපකරනයක වඩා සරල පහසු ක්‍රමවේදයක අවශ්‍යතාවය මේ වන විට හැම දිසාවකින්ම පාහේ ඉල්ලා සිටින බවක් දකින්නට පුලුවන්.ස්පර්ශක තිර භාවිතය කෙමෙන් පරිගණක උපාංග සමග බහුල වෙමින් තිබෙන්නේ එහි ප්‍රතිපලයක් ලෙසටයි. හැබැයි සමීපව හදාරන කොට වැටහෙනවා ස්පර්ශක තිර භාවිතය වැනි භාවිතාවන් හැබෑ වටම උත්සාහ කරන්නේ අපේ සාම්ප්‍රධායික පරිගණක භාවිතය උත්කර්ශවත් කරනවාට වඩා තමන්ව සිරකරගෙන ඉන්න සීමාවල් කඩා බිද දමමින් දෛනික ජීවිත වටා තියෙන නෙක උපකරන වල සැගවෙමින් තමන්ගේ හැකියා වපසරිය පුලුල් කර ගැනීම බව.
                                                 ස්පර්ශක තිර මිල අදික බව එක් දිසාවකින් සටහන් වෙන කොට තව දිසාවකින් එවැනි පහසු භාවිතාවක් අත්‍යවශ්‍ය බවයි ඉල්ලා සිටින්නේ. ලෝකයේ විවිධ හදරන්නන් දැඩි අවධානයක් මේදෙසට එල්ල කර ඇති ඇති බව දකින්නට පුලුවන්.මෑතකදී එක් පිරිසක් පැවසුවේ තමන්ට ප්‍රොජෙක්ටරයක් හා කැමරාවක් ඔස්සේ භාවිතාකරන්නාට අවශ්‍ය ඔනෑම මතුපිටක් ස්පර්ශක තිරයක් බවට පත්කිරීමට හැකි බවයි. එහිදී ප්‍රොජෙක්ටරය ඔස්සේ ඔනෑම මතුපිටක ස්පර්ශක සංවේදී අවකාශයක් නිර්මානය කර ගැනීමේ හැකියාව භාවිතාකරන්නාට ලැබෙන අතර පෙර නිර්මානය කරගත් එම මතු පිට දෑතින් කරන චලනයන් කැමරාව ඔස්සේ හදුනාගනිමින් අදාල අනදීම් හදුනා ගන්නටත් සාර්තකව ඒවාට ප්‍රතිචාර දක්වමින් පුලුල් සංකීර්න භාවිතාවකට සුදුසු ක්‍රමවේදයක්  තමන් ගොඩ නගමින් සිටින බවයි...."

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...