2013-07-11

XP අයිකනයන් හා වින්8 ටයිලයන් ගේ වෙනස මයික්‍රසොෆ්ට් ආයතනයේ ව්‍යුහයතුලටත්!!!!!!!

          මයික්‍රසොෆ්ට් ආයතනය යනු බොහෝ දෙනෙකුට හුදු තවත් වෙළඳ ආයතනයකි. තවත් පිරිසකට තම පාරිභෝගිකයන් හුරා කමින් සිටින අන්තවාදී වෙළඳ ආයතනයකි. තවත් හදාරන්නන් පිරිසකට ලොව පරිගණක භාවිතාව වෙනස් කල තම වෙළඳ අරමුනු ඔස්සේ  මුත් තම භාවිතාකරන්නන්ගේ භාවිතාවන් උත්කර්ෂවත් කරන ලොව නන් දෙසින් බිහිවන තොරතුරු තාක්ශනයට සම්බන්දිත මිනිස් බුද්ධිය ක්‍රමානුකූලව හවුල්කර ගන්නා අපූරු ආයතනයකි.ලොව පුරා විසිර ඇති රාශියක් වන තම පර්යේක්ෂනාගාරවලදී නෙක මට්ටමේ තම අත්හදා බැලීම් නිරන්තරයෙන් පවත්වාගෙන යන මෙම ආයතනයේ ව්‍යුහය එලබෙන ලෝකයට ආශර්ශනයක් සපයමින් සිටින බවටයි ඔවුනගේ මතය වන්නේ.
                     මෑතකදී පැතිර යමින් තිබූ මයික්‍රසොෆ්ට් ආයතනයේ ව්‍යුහයේ බරපතල වෙනස්කම් පැමිනීමේ කටකථාවට යම් සත්‍යයක් එක් කරමින් අද දිනයේ ඔවුන් පවසා සිටියේ තම ආයතනයේ අංශයන්ගේ හා ඒවායේ වෙනස් ප්‍රධානීන්ගේ වෙනස්කම් කිහිපයක්ම නිල ලෙස ප්‍රකාශ කරන බවකි."Today, we are announcing a far-reaching realignment of the company that will enable us to innovate with greater speed, efficiency and capability in a fast changing world" ආයතනයේ පෙර අතීතය සටහන් වන්නේ මෘදුකාංග ප්‍රධානී ලෙසට උවත් එලබෙන යුගය "උපාංග හා සේවාවන් " ප්‍රමුක ආයතනයක් ලෙසට වෙනස්වීමේ තීර්නය මෙම ප්‍රකාශයන් වල කැපී පෙනෙන සදහනක් වනවා.සමස්තයක් ලෙසට ආයතනයේ වෙනස සංකේතාත්මකව පවසන්නේ නම් "Windows XP වල අයිකනයන්ගේ හැසිරීම හා වින්ඩෝස් 8 හි ටයිලයන්ගේ හැසිරීම් ව්‍යුහ වල වෙනස " මයික්‍රසොෆ්ට් ආයතනය තුලටද ‍රැගෙන විත් ඇති බවයි පෙනෙන්නට ඇත්තේ.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...