2013-07-15

මයික්‍රසොෆ්ට් "ස්මාර්ට්" අත් ඔරලෝසුවද නිමවෙමින් තිබේ!!!!!!


      ප්‍රධාන පෙලේ නිෂ්පාදකයින් වැඩි වැඩි වශයෙන්  පැලදිය හැකි මට්ටමේ පරිගණක උපාංග නිෂ්පාදනය කෙරෙහි මෑත කාලයෙහි වැඩි අවධානයක් යොමු කරමින් සිටිනු දක්නට ලැබෙනවා. ඇපල් ආයතනය වෙතින් "ස්මාර්ට් වොච්"  නිකුතුවක් ගැන පසුගිය කාලය තිස්සේ කථාබහට ලක් වෙමින් සිටිය අතර එය බොහෝ විට එලබෙන වසරේ සිදුවනු ඇති බවටයි බලාපොරොත්‍ටු වන්නේ. ඒ අතර මයික්‍රසොෆ්ට් ආයතනයද ස්මාර් වොච් ආකාරයේ ආකෘතියක් සමග එන පරිගණක උපාංගයක් ගැන අවධානය යොමු කර ඇති බවට තොරතුරු හෙලි උන අතර එය මයික්‍රසොෆ්ට් ආයතනයේ ප්‍රකට Xbox අංශය වෙතින් නිමවෙමින් පවතින බවට හෙලිවෙමින් පවතිනවා. එහි මුල් ව්‍යාපෘතිය  'Joule' ලෙසට නම්ව තිබූ අතර එය  හදවතෙහි ක්‍රියා කාරීත්වය නිරීක්ශනය සදහා වන සහය උපකරනයක් ලෙසටයි හෙලිව තිබුනේ.
                           මයික්‍රසොෆ්ට් ආයතනය මේ වන විට තම සැලසුම් වඩාත් පුලුල් මට්ටමකට ගෙනවිත් ඇති අතර එය වීදුරු මෙන් හතර ගුනයක ශක්තිමත් ඇලුමේනියම් ඔක්සයිඩ් ආකයේ පාරදෘශ්‍ය නිමාවක් ඇති මිල අධික මූල ද්‍රව්‍ය ආශ්‍රයෙන් නිමවන්නට නියමිත අතර වින්ඩෝස් 8 ආශ්‍රිත සරල මෙහෙයුම් පද්ධතියක ක්‍රියාකාරීත්වය සමග ගිගා බයිට 6ක මතකයක් හා 4G සහය වන ගූගල් ග්ලාස් වලට වඩා පහසු හැසිරවීමකට මිත්‍රව සිත්කලු වර්න රාශියකින් සමන් විත්ව පැමිනෙනු ඇති බවටයි තොරතුරු හෙලි වෙමින් ඇත්තේ.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...