2013-07-23

උපාංග අතර පහසුවෙන් දත්ත ගොනු බෙදා හදන්නෙක්....

      නිවැසක එක දත්ත උපාංගයක් භාවිතාවීම සුලබව තිබූ යුගයක්ද විය. බරපතල ඩෙස්ටොප් පරිගණකය  සියලු සාමාජිකයින් විසින් කාලවේලා බෙදා හදා ගනිමින් භාවිතාකිරීම සිරිතක්ව පැවති එම යුගය අවසන්ව බොහෝ කල්ය.අද වන විට එක් අයෙකු අඩුම තරමින් දත්ත උපාංග දෙකක් හෝ තුනක භාවිතාකරන බව සුලබවෙමින් ඇති යුගය පැමිනෙමින් ඇත.නිවැස තුල සාමාජිකයින් කිහිපදෙනෙකු වන විට ඔවුනගේ දත්ත අවකාශයන් ප්‍රමානය වඩාත් වැඩි වෙනු ඇත. එසේම නිවසේ පොදු ඩිජිටල් අත්දැකීම් බොදා හදා ගැනීමද දැන් දැන් සංකීර්න වෙමින් ඇත.තම සහභාගී වූ විනෝද චාරිකාවක , ප්‍රියසම්භාෂනයක වැනි කටයුත්තකට අදාල ඡායා රූ හෝ වීඩියෝ අත්දැකීමක් නිවසේ අනිකුන් සමග බෙදා හදා ගැනීම ඒවායෙන් කිහිපයක් විය හැක. ආයතනය උවද මීට සමාන අවශ්‍යතා මොහොතවල් බොහොමයක් වේ.
               පසුගියදා San Disk ආයතනය පැවසුවේ තමන් තමන් ඉහත කී වැනි අවස්ථාවන් සදහා විසදුම් එකක් නොව දෙකක්ම ඉදිරිපත් කරන්නට සුදානම්ව සිටින බවය. flash-based multimedia Wi-Fi drives දෙකක්  වෙළඳ  පොලට ඔවුන් නිකුත්කර තිබිනි. USB 2.0  සබදතාවයක් සහිතව පැමින ඇති මෙම උපාංග mobile multimedia hotspots ලෙසට ක්‍රියා කරමින් පහසුවෙන් මොබයිල් උපාංග සමග දත්ත හුවමාරු කරගැනීමට සමත් වනු ඇති බවටයි පවසන්නේ.  iPhone, iPad, iPod touch, Kindle Fire, හා Android devices, මෙන්ම PC හා Mac computers සමග ක්‍රියාත්මක වන මෙම උපාංග පිලිබද වැඩි විස්තර ඔවුනගේ www.sandisk.com වෙබ් අඩවියෙන් ලබා ගන්නට හැකිවනු ඇත,

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...