2013-07-29

ශ්‍රව්‍ය සටහනකින් උපුටනයක්......

....................අපි මේ වන කොට අත්දැකීමෙන්ම දන්න දෙයක් තමයි  ඔබයි මමයි  මේ මිහිතලයේ මොනතරම් දුරස් තැනක විසුවද හරිම මටසිලු‍ටු ආකාරයට එකි නෙකා යාකරන්නට සමත් තාක්ශනය පැමිනිලා ඇති බව.එපමනක් නොව ගතවන මොහොතින් මොහොත ඒ හමුවීම වඩාත් සජීවී කරන්නට මෙන්ම සරල කරන්නට මහත් පිරිසක් කටයුතු කරමින් සිටින බවත් අමතක නොකල යුතුයි. සදාචාරාත්මකව මේ අපූරු සුවපහසූන් විදගන්නට විටක අප අසමත්වීමේ චෝදනාව තාක්ශනය දෙසට එල්ල කිරීම එතරම් සාධාරන නොවන බවයි මගේ මතය වන්නේ. සමහර විටක ඔබ දන්නවා ඇති පසුගිය කාලයේ මයික්‍රසොෆ්ට් සමාගම ප්‍රමුක ආයතන කිහිපයක්ම ලමා අපචාර දසුන් මුසු සයිබර් අවකාශයන්ට පිවිසීමේදී අනතුරු අගවන්නට තම බ්‍රවුසර ඔස්සේ කටයුතු කරන බවට ප්‍රකාශ කලා.ඒවාගේම බ්‍රිතාන්‍ය අගමැතිවරයා පවසා තිබුනා තම රට තුල අන්තර්ජාල සේවා සපයන්නන්ට තම සේවාවන් තුල ලිංගික දර්ශන ඇතුලත් වෙබ් සටහන් වලට පිවිසීමේ හැකියාව තොරා ගැනීමට තත්වයට පත්කොට පාලනයට කටයුතු කරන්නට සිදුවන නීතිමය තත්වයක් ගෙන ඒමට තමන් කටයුතු කරන්නට සූදානම් වන බව.
                          තාක්ශනිකව ලෝකය එකම යායක් කලද මීනිසුන් අතර වන භාෂා පරතරය ඊලග කඩ ඉම ලෙසට පවතින බව දැන් දැන් වැඩි වෙන භාවිතය තුල හොදින්ම කැපී පෙනෙමින් තිබෙනවා.ගූගල් ආයතනය පසුගියදා පවසා සිටියේ real time ආකාරයේ භාෂා පරිවර්තන සහයක් සහිත උපාංගයක් නිපදවිම පිලිබදව තමන්ගේ අවධානය යොමුව ඇති බවයි.ඇත්තෙන්ම පහසු මිලක් යටතේ එම පහසුව සාමන්‍ය මිනිසුන් අතරට එන්නට සමත්වීම තොරතුරු තාක්ශනයේ මීලග විස්මිත ත්‍යාගය වනු ඇති බව මගේ හැගීමයි.අපගේ පෘතුවි නිවහන තුල අප එකම ජාතියක් පමනත් බවත් ජාතීන් ආගම් වැනි පිලි ගැනීම් මත තිබෙන සුලු වෙනස් කම් ඔස්සේ එකි නෙකාගෙන් ඇත්වනවාට වඩා ඒවා වටහා ගනිමින් අන්‍ය මතවාද වෙතට මානුශිකව සුසර වෙමින් එකි නෙකා යාකරන්නට සමත්වන ඒ අපූරු දිනය හැකි ඉක්මනින් පැමිනේවා යන්න මගේ එකම ප්‍රාර්තනාවයි.......

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...