2013-07-31

අපේ අවට සමාජ පරිසරය මත තොරතුරු තාක්ශනය ගෑවසෙන යුරු.....

................තොරතුරු තාක්ශනය ගෑන හදාරන ආයතනයකින් වරක් අපිට ඈරයුමක් ලෑබුනා ප්‍රායොගිකව අපි අවට සමාජ පරිසරය තුල තොරතුරු තාක්ශනය ගෑවසෙන අයුරු ගැන හෑදෑරීමක් කරන්නට කියලා.මට අයිති වුනු කොටස උනේ පරිගණක අලුත්වෑඩියා කරන ආයතන ප්‍රමුක සාමාන්‍ය මට්ටමේ පරිගණක අධ්‍යාපනික ආයතන කියන වපසරියයි.මම සකස්කල ව‍යාපෘතිය උනේ තොරතුරු තාක්ශනය පිලිබද ප්‍රකාශන ආයතනක් සමග සම්බන්ද වෙලා ඒවා සමග මට වෙන් වුනු හෑදෑරීම් අවකාශයට ඈතුල් වීමයි.මූලිකම රීතිය වුනේ මගේ ඉලක්කය ඔවුනට හෙලි නොකල යුතු බවයි.පරිගනක අලුත් අලවිකරන හා අලුත් වෑඩියාකරන මෙන්ම හුදු වෙළඳ අරමුන සමග උවත් යම් අවබොදයකින් කටයුතු කරන කොටසක් තමයි මගේ ඉලක්කය උනේ.තම වෙළඳ අරමුනු සමග උවත් ඉහතකී විෂයේ ගෞරවය ගෑනද වගකීමක් සමග කටයුතු කල වෑදගත් මහත්වරුන් මට හමු නොවුනාම නොවේ.හෑබෑයි බොහොමයක් අත්දැකීම්නම් ඒ තරම්ම යහපත් උනේ නෑහැති බවයි අවසානයේ සටහන් කරන්න උනේ.සමහර තාක්ශන වේදීන් අතර ව්යිරස් වලුන් පිරුනු තමගේ පරිගනකය ඔස්සේ විවිධ අවශ‍යතා තමන් වෙත එන පාරිභොගිකයන්ගේ පරිගණක වලට කොපිකරන ආකාරය දැකීමම මහත් අපහසු තාවයක් උනා.සමහර තාක්ශනවේදීන් මහත් කල් ගත වුනු මෙහෙයුම් පද්ධ්හති සමග කටයුතු කරන ආකාරය දෑක්කම ඔවුනගේ තාක්ශනික දෑනිම යාවත්කර ගෑනීමට දක්වන නොසැලකිල්ල ගෑන පුදුම හිතුන වාර අන්තයි.සමහ විටකදී තමන් වෙත එන පාරිභොගිකයාට සරලව පෑහෑදිලිකොට දියයුතු සරල කාරනා පවා ඔවුනගෙන් සගවමින් තප්පර කිහිපයක සුලු වෙහසක් සදහා විශාල මුදලක් ලබා ගන්නා මහත්වරුද ඒ අතර සිටියා.
             අනිත් අතින් වෙළඳාමයි අධ්‍යාපනයයි කියන්නේ මොන තරම් එකි නෙකින් ඈඅත්ව තිබිය යුතු අවකාශයන් විය යුතු බවට පිලි ගත්තද හමු වුනු සමහර තොරතුරු තාක්ශන වෙළඳ වෙළඳ කඩ තුල සිදුවන දෑ හරිම අපහසුවට පත්වන සුලු උනා.ලබා දිය යුතු දැනුම් කොටස හෑකිම තරම් කුඩාවට කොටස්කොට වෑඩිම  මුදලකට විකුනන්නේ කෙසේද යන්නයි හමුවුනු සමහරුන්ගේ උත්සාහය වී තිබුනේ.හෑබෑයි අමතක නොකලම යුතු කාරනය තමයි මේ දෙකොටස අතරේ ගෞරවනිය ආකාරයට තම යුතුකම ඉශ්ඨකරන මහත්වරුන්ද හමුවුන බව........

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...