2013-07-14

ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් භාවිතාවේදී වඩාත් සැලකිලිමත්වීම වැදගත්ය....

     ඇන්ඩ්‍රොයිඩ් උපාංග වෙත පහරදීම් ප්‍රමනය බෙහෙවින් ඉහල යමින් පැවතීම ලොවපුරා භාවිතාවන හා වේගයෙන් වැඩි වෙමින් ඇති එහි භාවිතාවට පිවිසෙන්නන්ගේ ප්‍රමනය සැකලකීමේ අරුම කාරනයක් නොවේ. පසුගිය කාලයේ ප්‍රධාන පෙලේ ආරක්ශක මෘදුකාංග ආයතන දෙකක් එක්ව කල හැදෑරීමකින් පැවසුනේ ගෙවී ගිය වසරේ පමනක් මැල්වෙයාර් සහිත මොබයිල් ඇප් පැමිනීම සියයට 614කින් ඉහල ගොස් ඇති බවකි. ක්‍රමයෙන් ලොව පරිගණක භාවිතාව ඩෙස්ටොප් පරිගණකයේ සිට මොබයිල් උපාංග වෙත නැබුරුවෙමින් ඇති මෙවන් යුගයකදී දැඩි ලෙස ආර්ථික අරමුනු වලින් මෙහෙයවන මැල්වෙයාර් සටහන් කරුවන්ගේ හා එතරම් තාක්ශනික හෝ අවබෝධ හැකියාවක් නැති මුත් අන්තර්ජාලය වැනි මාධ්‍ය හරහා පහසුවෙන් ඒවා ලබා ගැනීමේ හැකියාව නිසාම මෙම පහරදීම් වෙත තම අවධානය යොමුකරන්නන්ගේ ප්‍රමානය වැඩි වෙමින් පවතින බවටයි හදාරන්නන් පවසන්නේ.
                                         ඔවුන් වැඩි දුරටත් පවසන්නේ බොහොමයක් නොමිළේ භාවිතයට පැමිනෙන මොබයිල් ඇප් ඔස්සේ භාවිතාකරන්නාගේ අනු දැනුමකින් තොරව ඔහුගේ තොරතුරු සොරාගැනීමේ ප්‍රවනතාවයද වේගයෙන් ඉහල යමින් පවතින බවයි. ඒවා අතර භාවිතාකරන්නා එම මොහොතේ සිටින ස්ථානය , ඔහුගේ සබදතා ලිපින ගොනුව මෙන්ම සේවා සපයන්නා සමග වන ගිනුම් පිලිබද තොරතුරු ද මෙම සොරා ගැනීම අතර බහුලව දක්නට ලැබෙන බවයි. විටක ඇප් ගොනුව නොමිළේ ස්ථාපනය වන මුත් එය භාවිතාවේදී අදික ගාස්තු අයකිරීමකට යටත්වීම තවත් බහුලව දක්නට ලැබෙන අවස්ථාවක් ලෙසට ඔවුන් සටහන් කර සිටිනවා.හදාරන්නන් පවසන්නේ ලොව පුරා බාහිර ආකාරයේ ඇප්ස් ස්ටෝර් වන් 500 කට වඩා ක්‍රියාත්මක වන බවත් ඒවායෙන් භාවිතයට පැමිනෙන ඇප්ස් වල ගුනාත්මක භාවය ඉතා ප්‍රශ්න කාරී බවයි.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...