2013-07-14

වින්ඩෝස් 8.1 අමතර දෘඩාංග පහසුකම් බලාපොරොත්තු වේවි!!!!!

   මයික්‍රසොෆ්ට් සමාගම තම ලොවපුරා වෙසෙන වෙළඳ සහකරුවන් එකතැනට කැදවා කෙරෙන දැනුවත්වීමේ වැඩසටහන මීට දින කිහිපයකට පෙර අවසන් කරනු ලැබුවා. මෙම හමුව සම්බන්දව පැවති මාධ්‍ය ප්‍රචාරයන් තුලදී හෙලි නොවුනු කාරනා කිහිපයක් මේ වන විට හෙලි වෙමින් තිබෙනවා. මයික්‍රසොෆ්ට් ආයතනය වින්ඩෝස් 8 හදුන්වාදෙමින් පවසා සිටි පරිදි  ඔනෑම වින්7 ධාවනය වන පරිගණකය වින්8 ධාවනය කල හැකි බව පසුව සමහර පහසුකම් මත  වෙනස් විය හැකිබව පැවසුවා සේම වින්ඩෝස්8.1 සදහාද අවශ්‍ය අමතර සහයන් පිලිබදව මේ වන විට කරුනු හෙලි කොට සිටිනවා. ඒවා අතර GPU සදහා WDDM 1.3  ඩ්‍රයිවරයේ සහය අවශ්‍ය වන බවත් නව මෙහෙයුම් පද්ධතිය SATA Hybrid hard drives සදහා හොඳින් සහය දක්වන බවත් පවසා සිටිනවා.
                    මීට අමතරව NFC සදහා දෘඩාංග සහය තිබිය යුතු බවත් fingerprint readers  සදහා සහය වන දෘඩාංග පැමින තිබීමේ අවශ්‍යතාවයත් හෙලිකොට තිබෙනවා. ARM  වලදී වින්ඩෝස් 8.1 හොඳින් ධාවනය වීම සදහා  Precision Touchpads technology වල අවශයතාවය වාගේම 2014 වන විට Bluetooth wireless technology සදහා සහය දක්වන දෘඩාංග දැනුවත් කිරීමක්ද සිදුව තිබෙනවා.මීට අමතරව 2015 වන විට Trusted Platform Module 2.0  සදහා සහය දක්වන දෘඩාංග පිලිබදව සුදානම් වීමේ අවශ්‍යතාවය එහිදී හෙලි කල නමුදු 2015 වන විට පැමිනෙන්නට නියමිතව ඇත්තේ වින්ඩෝස් 8.2 හෝ වින්ඩෝස් 9 ද යන්න හෙලිකොට සිටියේ නැත.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...