2022-05-06

අවසර පදය යනු ...

අවසර පදය යනු අන්තර්ජාලය මත පොදු අවකාශයෙන් ඔබගේ පෞද්ගලික අවකාශය වෙන්කර තබන අගුලයි. ඒ නිසාම එය ආරක්ශාකාරී පෙර නිගමනයට අපහසු එකක් වීම අත්‍යාවශ්‍යය. තවත් දෙසකින් අද වන විට අන්තර්ජාලයමතදී ඔබගේ පෞද්ගලිකත්වය අවසරය මතම යැපීම ඉක්මවා ඇත. විටක එය ඔබගේ දෙවන උපාංගයක් වෙතට ලැබෙන දෙවන අවසර පදයකින් තහවුරු කරන්නට සිදුවිය හැක. නැතිනම් දෙවන උපාංගයට ස්ථාපිත කර ඇති app එකක් ඔස්සේ ලබා ගන්නා දෙවන අවසර පදයකින් තහවුරු කරන්නට සිදුවේ.තවත් විටක බාහිර මතක උපාංගයක රදවා ඇති දත්ත පෙලක් ලබා දෙන්නට එය USB වැනි මගක් හරහා ප්‍රධාන උපාංගයට සම්බන්ද කරන්න සිදුවේ. කෙසේ වෙතත් තවමත් ප්‍රධාන ආරක්ශක අගුල අවසරපදයක් වීම බොහෝ විට තාමත් වලංගුය.
     කරුණු එසේ වන විට සාර්ථක අවසර පදයක ස්වභාවය හඳුනාගෙන භාවිතා කරමින් සිටීම අත්‍යාවශ්‍යවේ. හදාරන්නන් නිතරම දෙන, එනමුත් තවමත් බොහෝ විට මග හැරීම ඔස්සේ ගැටළු ඇති කරගන්නා අවසර පදයකට අදාල කරගත යුතු වැදගත් කරුනු කිහිපයකි. "'12345' Is Really Bad" ඔවුන් පලමුව යෝජනා කරයි. කිසිවිටකත් සරල පහසු භාවිතාවන් අවසර පදය ලෙසට නොගත යුතුය. බොහෝ අවසර පද බිඳින්නන් තම ක්‍රියාන්විතයේ පලමු පියවර වන්නේ සරල මෙන්ම බහුල සමාජ භාවිතාවන් යොදා බැලීමයි.
   දෙවන වැදගත් පියවර වන්නේ ඔබේ පෞද්ගලික ලෝකයේ වන භාවිතාවන් අවසර පදයක් ලෙසට යොදා නොගැනීමයි. ඔබගේ උපන්දිනය, භාවිතාකරන වාහනයේ අංකය නැතිනම් දුරකථනය වැනි තොරතුරු  අවසර පදය ලෙසට යොදා නොගැනීම මෙයින් අදහස් කෙරේ. ඉලක්ක සහගතව ඔබගේ පෞද්ගලිකත්වයට පහර දෙන්නට උත්සාහ කරන සයිබ අපරාධකරුවන් පලමු කොටම ඔබගේ පෞද්ගලික තොරතුරු හැකි පමන ‍රැස්කොට ඒවා යොදා බැලීම බහුලව සිදුවන්නකි.
Pubudu Siriwansa


 

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...