2022-05-11

Netflix වෙතින් with ads සමග අඩුවියදම් plan එකක්.

Netflix යනු ලෝකයේ ප්‍රමුක පෙලේ streaming සේවාවක් වන අතර බහුල භාවිතාවක්ද දිනා ගන්නට සමත්වූවකි. එම සේවාවේ ප්‍රාකශකයෙකු පසුගියදා පවසා සිටින්නේ ත්මන් වෙතින්ද අඩු වියදම් ad-subsidized සේවාවක් සදහා සූදානමක් පවතින බවකි. දැනට මෙම සේවාව ඔස්සේ බහුලව මෙන්ම හොඳම තත්වයේ streaming හැකියාවක් ගෙනෙන පැකේජයක් සදහා $15.49 ක මාසික ගාස්තුවක් අයවන අතර ඔවුන් සමග තරගකාරී සේවාවන් වන HBO Max වැනි සේවාවන් තම ad-free tier සදහා $15 අයකිරීමක් සිදුවේ. නමුත් පෙර කී Netflix ප්‍රකාශකයා පවසන්නේ මෙම වසර අවසානයේදී එක්කරන්නට බලාපොරොත්තුවන advertising සහිතව හොඳම තත්වයේ අත්දැකීමක් $10 කට ගෙනෙන්නට බලාපොරොත්තු වන බවයි. මීට අමතරව Netflix වෙතින් තම හිත මිතුරන් සමග තම අත්දැකීම් බෙදා හදා ගන්නට උදවු වන add-on memberships එකක් සමග නව සේවාවක්  added charges වලට යටත්ව ගෙනෙන්නට කටයුතු කරන බවටත් පවසනවා.
Pubudu Siriwansa


 

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...