2022-05-07

Facebook විසින් Nearby Friends සහ Weather alerts අවසන් කරන්නට සූදනම්.

Facebook  නිවේදනය කරන්නේ තම Nearby Friends සහ Weather alerts යන අංග දෙක මේ මස අග සිට සංක්‍රිය නොවන්නට නියමිත බවයි. මෙම අංග දෙක සදහාම location data  ‍රැස්කිරීමක් සිදුවන අතර ඒම දත්ත ගොනුද තම ගබඩා වලින් ඉවත් කරන්නට ආයතනය කටයුතු කරමින් සිටිනවා. මීට අමතරව  ඔබ වසින් යනෙන තැන් ඇසුරින් එකතුවන තවත් දත්ත ගොනුවක් වන "Location History"අංගයට අදාල දත්තද August 1 දක්වා download කරන්නට අවස්ථාව ලැබෙන අතර ඉන්පසුව තම සර්වරයන්ගෙන් ඉවත්කරන්නට Facebook ආයතනය සැලසුම් කොට ඇති බවට නිවේදනය වෙනවා. කෙසේ වෙතත් Facebook ආයතනය පවසන්නේ තමන් සමස්තයක් ලෙසට location data සමග කටයුතු කිරීම නැවැත්වීමක් සිදු නොවන බවත් අනෙකුත් තොරතුරු සේවා ආයතනයන් සමග යමින් ඔවුන්ගේ පියවරයන්ට සමාන්තරව කටයුතු කරමින් සිටින බවයි.
Pubudu Sriwansa


 

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...