2022-05-10

Windows 10 version 20H2 සේවා කාලය අවසන්වේ.

Microsoft සමාගම පවසන්නේ තමන් October 2020 update ලෙසට නම් කොට එම වසරේ September වල නිකුත් කරන ලද  Windows 10 සංස්කරනය May 10, 2022 දින තම සේවා කාලය අවසන් කරන්නට කටයුතු කරන බවයි. මෙම සංස්කරනය සමග පැමිනි නවාංග අතර Chromium-based Edge සංස්කරනයත්, Start menu මෙන්ම Taskbar වල වෙනස්කම් මෙන්ම notifications වල දියුනු කිරීම් මෙන්ම tablet මිත්‍ර බව සදහා වූ දියුනු කිරීම් ඇති කාරනා රාශියක් වනවා. මෙම සේවය අවසන් කිරීමත් සමග සිදුවන ප්‍රධානත කාරනය වන්නේ මෙම සංස්කරනය සදහා තවදුරටත් security update නොලැබීම වනවා. ඒ අනූව ඔබත් පහත දැක්වෙන windows 10 සංස්කටන භාවිතාකරන්නෙක් නම් මේ පිලිබඳව අවධානය යොමු කර දැනට සහය දක්වන සංස්කරනයක් වෙතට තම මෙහෙයුන් පද්ධතිය update කර ගැනීම වැදගත් වනු ඇත.
Windows 10 Home, version 20H2
Windows 10 Pro, version 20H2
Windows 10 Pro Education, version 20H2
Windows 10 Pro for Workstations, version 20H2
ආයතනය වැඩි දුරටත් පවසන්නේ ඔබ Windows 10 version 20H2 වල Enterprise, Education, හෝ IoT Enterprise සංස්කරන භාවිතාරන්නේ නම් එම සංස්කරන සදහා සහය අවසන් වන්නේ May 9, 2023 වන බවයි.
Pubudu Siriwansa


 

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...