2022-05-19

Microsoft පවසන්නේ Windows 11 දැන් Windows Update ඔස්සේ සූදානම් බවයි.


Microsoft නිවේදනය කරන්නේ  windows 11 මේ වන විට broad deployment එනම් භාවිතාරන්නන්ට Windows Update ඔස්සේ download කර install කරන්නට මේ වන විට අවස්තාව වන බවයි. Microsoft සමාගම තම මෙහෙයුම් පද්ධතියක් මේ මට්ටමට ගෙනෙන්නේ smooth  මෙන්ම stable  ස්ථාපනයකට සූදානම් මට්ටමකට පැමිනිය  විටදීය. කෙසේ වෙතත් එම ආයතනය පවසන්නේ 2015 දී windows 10 වලදී මෙන් force-updating එකක් සදහා භාවිතාකරන්නා පොලබවන්නට කටයුතු නොකරන අතර optional ලෙසට තවදුරටත් පවතින බවයි. දැනටමත් Microsoft ආයතනය තම Windows 10 සදහා ඉදිරි වසර තුනක් සහය දක්වන බවට ප්‍රකාශ කොට තිබේ. මීට පෙර පරිදි windows 11 සදහා hardware requirements සපුරන පරිගණක සදහා මෙම උස්තල ගැන්වීම සූදානම් අතර මීට අමතරව app / driver වැනි ගැටළු හඳුනා ගත් විටකදී තාවකාලිකව උස්තල ගැනීම පමාකරන්නට කටයුතු වන බවටයි පැහැදිලි කරන්නේ.
Pubudu Siriwansa
www.Pariganakaya.Com


 

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...