2022-05-17

App Store හා Play Store වලින් apps 1/3ක් ඉවත්වනු ඇත.

Google මෙන්ම Apple ආයතන දෙකම පසුගිය දෑවසර තුල යාවත්කාලීන නොවූ apps ඉවත්කිරීමට සූදානම් වෙමින් සිටිනවා. ආසන්නව App Store / Play Store වලින් ඉවත්වන්නට සිදුවෙනු ඇති බවටයි සැලකෙන්නේ. මෙම ආයතනයන් දෙකම එකගවී ඇති නව privacy හා security ප්‍රමිතීන් වල අවශ්‍යතාවයන් නොසැපිරෙන apps මෙසේ ඉවත් කර දමන්නට ඔවුන් තීර්නය කර ඇති අතර හැදෑරුම් ආයතනයක් අනාවැකි පල කරන්නේ නවතම  policy  සමග නොසැසදෙන Google Play Store වලින් ආසන්නව apps 869,000 ක්ද App Store වල iOS apps 650,000ක ඉවත් වනු ඇති බවයි. Google ආයතනය මීට අමතරව sideloaded apps දෙසටද තම අවධානය යොමුකර ඇති බවටයි පලවෙන්නේ. එම වාර්ථාව වැඩි දුරටත් පවසන්නේ පසුගිය දෑවසර සැලකීමේදී Google Play Store හා App Storeවල වන  apps  වලින් 68% පමනක් පසුගිය දෑවසර තුල යාවත්කාලීන ලැබී තිබෙනවා. බොහෝ විට මෙම හඳුනා ගත් apps තම store වලින් ඉවත් කරන්නටත් සෙවුම් ප්‍රථිපල වලින් ඉවත් වීමත් සිදුවන අතර දැනටමත් භාවිතාකරන්නන්හට කැමතිනම් දිගටම භාවිතයට අවස්ථාව ලැබෙනු ඇති බවටයි බලාපොරොත්තු වන්නේ.
Pubudu Siriwansa 


 

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...