2013-12-31

2014 තුල තොරතුරු ලෝකයේ පෙරලි ‍රැසැක්!!!!

    එලබෙන වසර තොරතුරු ලෝකයේ වඩාත් පෙරලිකාරකම් බලපොරොත්තු විය හැකි වසරක් ලෙසට බලාපොරොත්තු විය හැක. වඩාත් නම්‍ය හා ප්‍රමානයෙන් විශාල තිර සහිත දත්ත උපාංග වෙලඳ පොලට එවීම ගැන ප්‍රධාන පෙලේ ආයතනයන් සියල්ලම පාහේ සුදානම් වෙමින් තිබෙනු දැකිය හැකියි.ස්මාර්ට් දුරකථනයත් මදක් ප්‍රමානයෙන් විශාල "පැබ්ලට්" දුරකථනයත් තරය වෙත වැඩිම අවකාශයක් ‍රැගෙන ඒමත් භාවිතයට වඩාත් පහසු නම්‍ය හැඩැති බවින් පැමිනෙන්නට සැලසුම් වෙමින් තිබෙනු දැකිය හැකියි. Samsung ආයතනය  මෙන්ම Apple ආයතනයන් වෙතින් දැනටමත් තම අනාගත සැලසුම් නිවේදනය තිබෙනු දැකිය හැකියි.
                              මෘදුකාංග අවකාශය වඩාත් ස්පර්ශක තිර මිත්‍ර බව දෙසට චලනය වෙමින් ජංගම මිත්‍ර ස්වභාවය දෙසට චලනය වීම වඩාත් තීව්‍රවීම එලබෙන වසරේ තවත් කැපී පෙනෙන අංගයක් වනු ඇති බවට බලාපොරොත්තු විය හැකියි.  Office 2013  ඩෙස්ටොප් සංස්කරනය ස්පර්ශක මිත්‍ර බවින් යුත් නව සංස්කරනයක් නිකුත් කිරීම පිලිබදව මෙවන විට කටයුතු සිදුවෙම්මින් තිබෙන බවට වාර්ථා පලකොට ඇති අතර "touch-first’ නිකුතුවක් Office apps එකක ලෙසට 2014 පැමිනීම ස්ථීර බවටයි පලවන තොරතුරු පවසන්නේ. ක්‍රමයෙන් මෙහෙයුම් පද්ධති මෘදුකාංග ප්‍රමුක මෘදුකාංග ඩෙස්ටොප් නැති නම් දුරකථන ආදිය ලෙසට වෙන් වෙන් අවකාශ වල සිරව තිබීම අවසන්වීම ආරම්භ වන වසරක් ලෙසටද නව වසරේ පෙර සලකුනු දැනටමත් ඉගි කොට තිබෙනු දකින්නට හැකියි. මයික්‍රසොෆ්ට් ආයතනය ‘Threshold’ නැතිනම් වින්ඩෝස් 8 සදහා පැමිනෙන මීලග මෙගා යාවත්කාලිනය සමග ඔවුනගේ ඇප්ස් ස්ටෝර්වන් එකම අවකාශයකට පරිවර්තනය වන්නට වන සැලසුම දැනට පලවී ඇති එක් පෙරමග සලකුනක් ලෙසට දක්නට ලැබෙනවා.
                          ගූගල් ග්ලාස් ප්‍රමුක සාම්ප්‍රධයික දත්ත උපාංග භාවිතාවෙන් පිටතට විහිදුනු නව උපාංග භාවිතයට පැමිනීම සදහාද වඩාත් තීර්නාත්මක වසරක් බවට 2014 බලපොරොත්තු විය හැකියි.ඇපල් ආයතනයෙන් එන්නට නියමිත ස්මාර්ට් ඔර ලෝසුව මෙන්ම තවත් ආයතනයන් බොහොමයකින් සමාන්තර තරගකාරී උපාංග පැමිනෙමින් එම භාවිතාවන් ස්ථාවර කරන්නට සමත් වසරක් බවට එලබෙන නව වසර සටහන් වනු ඇති බවට බලාපොරොත්තු තැබිය හැකියි.

වැඩි ආරක්ෂිත බවක් සදහා Android 15, Google Play Protect

Google පවසන්නේ තමන් Android 15 හා Google Play Protect වෙතට  scams, fraud, malware වලකන නව අංගයක් ගෙනෙන්නට සූදානම් බවකි. Google I/O 2024 වලදී...