දිගු සැදැවන් උදාවන කාලය පැමින ඇත. සක්මලුවට ඔබ්බෙන් පිහිටි කුඩා ගල් කුල මතටවී නැගෙන හිර අහස්කුස අදුරින් පිරීයන අයුරු බලා හිදීම අපූරු භවනාවක් වැනිය. කැදලි කරා පියාබා යන නෙක පක්ශීන් ගෙන් ගැවසගත් අහස්කුස ලෝකයේ ජීව චක්‍රය ගැන අපූරු උදාහරනයක් මෙනි. බැදීම් මොනතරම් විසිතුරු ලෙස සංස්කෘතිය විසින් සරසා ඇද්දැයි සිතන විට සිතතුල නැගෙන්නේ මහත්වූ පහන් සංවේගයකි. කදුයායවල් දෙක තුනකට ඔබ්බෙන්වන නගරය මේ මොහොතේ මොනතරම් කාර්යබහුලව ඇතිදැයි සිතේ.
වරක් ජර්මනියේදීහමුවු අපූරු තරුනියක් මතකයට නැගුනේ නිතැතිය.ඇය දර්ශනය ගැන කථිකාචාර්යවරියක් වූවාය. අගේ ප්‍රියතම විනෝදාංශයවූවේ ඇය සතුවූ කුඩා ගිටාරයත් ගෙන අප සේවය කල විශ්වවිද්‍යාලයේ පිටු පසින්වූ කදු මුදුනතට නැග අදුර අපවසා ගන්නා තෙක් සියුම් ස්වර කාංඩයන් වැයීමයි. බොහෝ විට ඇය බිතෝවන් වැනි අපූරු නිර්මාන කරුවන්ගේ ස්වර කංඩ තෝරාගන්නට කැමතිවූවාය. " වෙලවකට මට හිතෙනවා වචන කියන්නේ සංගීතය දෙව්ලොව ඉදන් පොලවට ඇදදමන රැහැනක් වගේද කියලා" කිහිපවරක්ම ඇය එසේ මුමුනනු මට ඇසී තිබිනි. කදු පාමුල පිහිටි මාවත් දිගේ අදුරට කලින් නිවෙස් කරා කලබලයෙන් ඇදෙන මිනිසුන් දෙස බල සිටින්නට ඇය මහත්සේ ප්‍රිය කලය. "වෙලාවකට මට හිතෙනවා මම නතර වෙලවත්දෝ කියලා" ඇය කිහිපවිටක්ම මගෙන් ප්‍රශ්නකලා මතකය.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
SOCIAL NETWORK Vs tATOO
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...

-
Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත වීඩියෝ (realistic-seeming) නිපදවා ගන්නට...
-
කෙටි වීඩියෝ සදහා ලොව ප්‍රමුක ස්ථානයක් දිනාගන්නට සමත්වූ TikTok සමාජ ජාලාව තම America භාවිතාව වන 170 million වලින් සමුගන්නට අද නියමිතව ඇත. ඒ එ...