2013-12-17

Windows Phone 8.1 සමග නවාංග කිහිපයක්ම එනු ඇත.....

  Windows Phone 8.1 මයික්‍රසොෆ්ට් ආයතනයේ මොබයිල් දුරකථන මෙහෙයුම් පද්ධතියේ මීලග ප්‍රධාන යාවත්කාලීනය සමග භාවිතාකරන්නන් බොහෝ කලක් බලාපොරොත්තුවෙන් සිට අංග කිහිපයකින් සමන්විතව පැමිනෙනු ඇති බවටයි තොරතුරු හෙලි වෙමින් ඇත්තේ. 2014 BUILT වලදී නිල ලෙස තොරතුරු හෙලිකරනු ඇති බවට විස්වාස කරන මෙම virtal assistant මෘදුකාංගය දැනට සංකේත නාමය වන Cortana ලෙසට නම්ව ඇති බවටයි පැවසෙන්නේ. මෙම අංගය දැනට භාවිතාවන Google Now නැති නම් iOS වල siri වලට සමාන වනු ඇති අතර භාවිතාකරන්නාගේ වාචික උපදෙස් අනූව ක්‍රියාත්මක වන අංගයක් වනු ඇති බවටයි හෙලි වන්නේ. ඉදිරියේදී මෙහි සංස්කරන windows මෙන්ම Xbox  සදහාද නිකුත්වනු ඇති බවටත් බලාපොරොත්තු පලවනවා.වින්ඩෝස් ෆොන් වලදී මෙම අංගය Bing search හා සැබැදිව ක්‍රියාත්මක වනු ඇති බවට බලාපොරොත්තු පලවන අතර search බටනය ක්‍රියාත්මක කිරීමත් සමග මෙම අංගයද ස්වංක්‍රීයව ක්‍රියාත්මක වනු ඇත.
               notification center අංගය ඔස්සේ පහසුවෙන් app වෙතින් එන සියලු දැනුම්දීම් එක් පියවරකදී දැක ගන්නට හැකි වන අතර භාවිතාකරන්නන් අතර වඩාත් අවධානයක් දිනා ගත් බලාපොරොත්තුවක් ලෙසට කාලයක් තිස්සේ පැවතියකි. දුරකථන තිරයේ ඉහල සිට පහලට long-swipe කිරීමක් ඔස්සේ අවදි කර ගත හැකි වන මෙම පහසුවට අමතරව short-swipe කිරීමක් ඔස්සේ quick setting menu වකට පිවිසීමේ හැකියාවද වනු ඇති බවටයි තොරතුරු පලවන්නේ.මීට අමතරව දුරකථනයේ විවිධ භාවිතාවන් සදහා වෙන් වූ volume control පහසුවක් සමග Bing smart search හැකියාවද ඇතුලු බොහොමයක් අංග පැමිනෙනු ඇති බවටයි බලපොරොත්තුව වන්නේ.

වැඩි ආරක්ෂිත බවක් සදහා Android 15, Google Play Protect

Google පවසන්නේ තමන් Android 15 හා Google Play Protect වෙතට  scams, fraud, malware වලකන නව අංගයක් ගෙනෙන්නට සූදානම් බවකි. Google I/O 2024 වලදී...