2013-12-16

ගූගල් භාවිතාකරන්නන්ගේ දත්ත එකතුකිරීම වෙත Dutch අවධානය!!

  Dutch බලධාරීන් පවසන්නේ ගූගල් විසින් ඔවුනගේ සේවාවන් සියල්ල එක් සේවා ජාලයක් ලෙසට එක් කිරීම සමග භාවිතාකරන්නන්හට අහිත කර විය හැකි ආකාරයේ ඔවුනගේ දත්ත ජාලවක්  නිහඬවම ගොඩනැගෙමින් පවතින බවයි. එම බලධාරීන් පවසන්නේ එරට නිතියට අනූව එම ස්වභාවයේ දත්ත ගොඩ නැගීමක් භාවිතාකරන්නා හට නොහැගෙන පරිදි ගොඩ නැගීම නීති විරෝධී කටයුත්තක් වන බවයි. google search , You tube , Gmail ආදී සේවාවන් පසුගිය වසරේ සිට ඒකාබද්ද කරන්නට කටයුතු කල අතර ඒවා අතර භාවිතාකරන්නන්ගේ දත්ත හුවමාරු වීමට හැකිවන පරිදි එම ගිනුම් එකම අවසර පදයක් යටතට ගෙනෙන ලදී.
                          Dutch බලධාරීන් මේ සම්බන්දයෙන් ගූගල් ආයතනයට කතා බහකට කැදවා ඇති අතර නීතිමය දඩුවමකට පෙර එය විසදා ගන්නට බලාපොරොත්තුවෙන බවටයි නිවේදනය වන්නේ. මීට පෙර බ්‍රිතාන්‍ය වෙතින්ද මෙවැනි චෝදනාවක් එල්ල වූ අතර එහිදීද ගූගල් ආයතනයෙන් විමස සිටියේ භාවිතාකරන්නන්ගේ මොන ආකාරයේ දත්ත එකතුකරනවාද යන්නත් ඒවා මින ආකාරයේ කටයුතු සදහා යොදනවාද යන්න ගූගල් ආයතනය හෙලිකලයුතු බවයි.මීට අමතරව යුරෝපියානු රටවල් හතරකින්ද මේ පිලිබදව අවධානය යොමු කරමින් සිටින බවයි වාර්ථා පවසන්නේ. ගූගල් එහිදී නිවේදනය කර සිටියේ තමන් යුරෝ නීතියට අනූව කටයුතු කරන බවටත් භාවිතාකරන්නා හට සරල මෙන්ම කාර්යක්ශම සේවාවන් ලබාදෙන්නට කටයුතු කරන බවයි.

වැඩි ආරක්ෂිත බවක් සදහා Android 15, Google Play Protect

Google පවසන්නේ තමන් Android 15 හා Google Play Protect වෙතට  scams, fraud, malware වලකන නව අංගයක් ගෙනෙන්නට සූදානම් බවකි. Google I/O 2024 වලදී...