2013-12-16

වින්ඩෝස් 8.2 සමග එන Start මෙනුව......

  මේ දිනවල කථා බහට ලක්ව ඇති කාරනා අතර වින්ඩෝස් 8.2 සමග එනු ඇතැයි දැනට ප්‍රකාශ වී ඇති නව UI මුහුනත කෙබදු ආකාරයේ විය හැකිය දන්න කැපී පෙනෙන මාතෘකාවකි.සමහරුන්ට අනූව එය පෙර START මෙනුව ආකාරයේ වනු ඇති බවට අනාවැකි පලවෙමින් තිබුනද තවත සමහර හදාරන්නන් පවසන්නේ එය කිසිසේත්ම පැරනි start මෙනුව ආකාරය නොගත යුතු බවකි. මයික්‍රසොෆ්ට් ආයතනය දෙසින් නොනිලව දැනටමත් පලව ඇති නව මොඩර්න් ඇප්ස් වල සබදතා පවා Destop මුහුනතට ගෙන ඒමේදී එය පැරනි icon වලට ගැලපෙන ආකාරයටවූ මුහුනතට වඩා නවීන පෙනුමකට මෙන්ම ක්‍රියාකාරකමකට නොයෑම දුර්වලතාවයක් ලෙසට සටහන් වනු ඇති බවටයි ඔවුනගේ අදහස වන්නේ.
           මයික්‍රසොෆ්ට් ආයතනය වින්ඩෝස් 8 සමග ගෙනා දෘශ්‍ය වෙනස වින්ඩෝස් 7 වලින් සරල ද්ව්මානී ස්වරූපයක් දෙසට චලනයක් ලෙසට පිලි ගැනෙන අතර එම දෘශ්‍ය බව මතට පැරනි වින්ඩෝස් ස්ටාර්ට් මෙනුව ගෙන ඒම සමස්ථයක් ලෙස මෙහෙයුම් පද්ධතියේ දෘශ්‍ය ඒකමිතික බවට හානියක් ලෙසට යෝජනා කරමින් සිටින ඔවුන් පවසන්නේ Live Tiles වැනි නව් ප්‍රවනාවන් ඉස්මතුවන මට්ටමේ දෘශ්‍ය මෙන්ම ක්‍රියාකාරීත්වයක් සමග එය පැමිනීම වඩාත් භාවිතාකරන්නන්ගේ සිත්ගන්නා සුලු වනු ඇති බවයි.

SOCIAL NETWORK Vs tATOO

තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...