2013-12-16

ජීමේල් තුල ඇති images ස්වංක්‍රීය විවෘත වීම ඇරබේ!!!!

  වෙබ් අවකාශය තුල ඊමේල් සදහා හිමිවන්නේ ප්‍රධානතම ස්ථනයකි. මුල යුගයවන විට අන්තර්ජාල සදහා පිවිසුනන්ගේ වැඩි ප්‍රථිශතයක් වෙබ් අවකාශය වෙතට ‍රැගෙන එන්නට මූලික වූවේද මෙම ඊමේල භාවිතාව විනි. සෑම යහපත්දේයක් සමගම අයපතක්ද පැමිනීමට ඉඩ ඇති බවට වන අවස්ථාව තහවුරු කරමින් අයහපත් මෘදුකාංග පැතිරීමේදීද ඊමේල් වෙතට වැඩි චෝදනාවක් ලැබිනි. හානිකරයන්ගේ සිට වෙබ් අවකාශය අනවශ්‍ය තදබදයක් කැදවන "ස්පෑම්" භාවිතාව දක්වා වන බොහෝ චෝදනා වෙත ඊමේල් සේවාවන් විවරව ඇතත් එයින් ලැබෙන පහසුව හමුවේ අදටද එම සේවාවන් භාවිතාකරන්නන් අතර ඉහලම භාවිතාවක් හිමි කරගන්නට සමත්ව සිටී.
              ඊමේල් සමග එන සැබැදියාවන්(Link) අවදි කිරීම හානිය පැමිනීමේ අවස්ථාව වඩාත් තීව්‍ර කරන්නකි. ඊමේලයක් ඔස්සේ ඔබව පිලිතුරු සැපයීමට පොලබා ගනිමින් එය සංක්‍රීය බව හදුනා ගන්නා සයිබර් දූෂකයන් "ස්පෑම්" ආකාරයේ අනවශ්‍ය ඊමේල ධාරාවකට ඔබව ගොදුරු කරගන්නවා විය හැකිවා මෙන්ම අනවශ්‍ය විස්වාසකිරීමකට ඔබව පොලබවා ගනිමින් අපහසුතාවයන් වෙතට ඔබව කැදවා ගෙන යන්නටද කටයුතු කල හැකිව ඇත. නමුත් පෙරකී සබදතාවයන්(Link) අවදෛකරවා ගැනීම ඔස්සේ වඩාත් හානිකර අවස්ථාවකට ගෙන යන්නට මෙම පහර දෙන්නන්ට හැකි වන්නේ ඒ ඔස්සේ ඔබව එම ඊමේල් සේවාව සපයන ආයතනයේ සර්වරයෙන් පිටත ඇති සර්වරයක් වෙත යොමු කිරීමට කටයුතු වන අතර හානිකර මෘදුකංග පරිගණකය වෙතට පැමිනීම සදහා එය පහසු අවස්ථාවක් වනු ඇත.
           ගූගල් ආයතනය තම ඊමේල් සේවා තුල ඉමේජ ස්වංක්‍රීයව විවෘත වීමට මේ වන විට කටයුතු කොට ඇති අතර හදාරන්නන් මේ පිලිබදව අදහස් පලකරමින් සිටින දැකිය හැකියි. සාමාන්‍යයෙන් ඊමේල් සේවා සපයන ආයතන ඊමේලයන් ඔස්සේ එන සබදතා(Link) මෙන්ම images ස්වංක්‍රීයව විවෘත වීම වලකා ඇති අතර භාවිතාකරන්නා හට ඒ සදහා අවස්ථාව ලබා දෙන්නේ වඩාත් විස්වාසනීය ඒවා පමනක් විවෘත කරගැනීම ඔස්සේ තමන්ට විය හැකි හානිය අවමතත්වයේ පවත්වාගෙන යාමට සහය වනු පිනිසය. කෙසේ වෙතත් ගූගල් සමාගම පවසන්නේ තම ජීමේල ඔස්සේ පැමිනෙන images ඩෙස්ටොප් පරිගණක ඔස්සේ අවදිවීමේ අවස්ථාව මෙම සතියේ සිට ක්‍රියාත්මක අතර iOS හා Android සදාහා 2014 මුල් භාගයේ සිදුවනු ඇති බවත්ය.ගූගල් ආයතනය සැඩි දුරටත් පැහැදිලි කරමින් පවසන්නේ මෙසේ ඊමේල් ඔස්සේ පමිනෙන images තම secure proxy servers ඔස්සේ පැමිනීම සිදුවන බැවින්  භාවිතාකරන්නන් එයින් විය හැකි අනතුරු පිලිබදව බිය කැදවා ගැනීමක් අනවශ්‍ය බවත් අමතර මැදිහත්වීමකින් තොරව ඊමේලයක් සැම්පූර්නයෙන් විවෘත වීම තුලින් ලැබෙන පහසුව හොදින් අත්විඳින්නට අවස්තාවක් ලබා ගත යුතු බවත්ය.කෙසේ වෙතත් මෙම ආරක්ශක පියවරයන් ඔස්සේද භාවිතාකරන්නෙකු තමන් එවූ ඊමේලයන් සංක්‍රීය ගිනිමකට පැමින ඇති බවට එම ඊමේලයන් එවූ පහර දෙන්නන්හට දැන ගැනීම අවස්ථාව ඇති බැවින් අවශ්‍ය අයෙකුට තම ජීමේල් ගිනුම තුල එය අක්‍රිය කර ගන්නට පහත දැක්වෙන පියවරයන් ඔස්සේ හැකි වනු ඇත.
1.Open Gmail.
2.Click the gear icon in the top right.
3.Select Settings.
4.Stay in the General tab.
5.Scroll down to the Images section.
6.Choose "Ask before displaying external images".
7.Click Save Changes at the bottom of the page.

වැඩි ආරක්ෂිත බවක් සදහා Android 15, Google Play Protect

Google පවසන්නේ තමන් Android 15 හා Google Play Protect වෙතට  scams, fraud, malware වලකන නව අංගයක් ගෙනෙන්නට සූදානම් බවකි. Google I/O 2024 වලදී...