2013-12-16

Twitter ඔස්සේ Nearby අත්හදා බැලේ....

  තොරතුරු ලෝකයේ භාවිතාව වඩ වඩාත් නම්‍ය වෙමින් භාවිතාකරන්නාගේ ජීවිත්යේ වඩ වඩාත් අභ්‍යන්තරයට පිවිසෙන්නට කටයුතු කරමින් සිටී. ඒ ඔස්සේ වැඩි සුව පහසුවක් භාවිතා කරන්නා වෙතට ගෙන ඒම සිදුවෙමින් තිබුනද  එල්ලවෙමින් ඇති චෝදනාවක වන්නේ එම ක්‍රියා කාරකම් ඔස්සේ භාවිතාකරන්නන් ගේ තොරතුරු අනවශ්‍යව ලබා ගැනීම සිදුවෙමින් ඇති බවකි.කෙසේ වෙතත් මෘදුකාංග නිර්මානය කරන්නන් අතර වඩාත් ස්වංපාලනයක් මෙන්ම නීතිමය මැදිහත්වීමක් සමග වඩාත් විනයවත් තොරතුරු ලෝකයක් භාවිතාකරන්නන්ගේ බහුතරයකගේ බලාපොරොත්තුව වනු ඇත.
                     Twitter ආයතනය මේ වන විට තම හදුන්වාදෙන  සේවාවක් ලෙසට නම්වන Nearby පහසුව මේ වන විට අත්හදා බැලීමේ මට්ටමින් තොරාගත් ගිනුම් ඔස්සේ භාවිතාකරන්නන් වෙතට ලබාදෙමින් සිටින බවටයි නිවේදනය වන්නේ.එම නවසේවාව ඔස්සේ Twitter භාවිතාකරන්නෙකුට තම් ප්‍රදේශයේම වෙසෙන තවත් භාවිතාකරන්නන් පලකිරීම් පිලිබදව යෝජනා වීම සිදුවන බවටයි පැහැදිලි කෙරෙන්නේ. සැබැදි ගිනුමක් නොවූවද යෝජනා කිරිමක් ස්වංක්‍රීයව සිදු වීම එහි ස්වභාවයවනු ඇති බවටයි පැවසෙන්නේ.දැනටමත් සමහර භාවිතාකරන්නන් තෙවන පාර්ශවයක මෘදුකාංග පහසුවක් ඇසුරින් අත්විදි මින් ඇති මෙවැනි පහසුවක් ඇති අතර මෙම නව හදුන්වාදීම ඔස්සේ භාවිතාකරන්නෙකුට වඩාත් පහසුවක් ඇති වනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ. පාරිසරික මෙන්ම සමාජීය පොදු ගැටලු අවස්ථාවකදී වඩාත් ප්‍රයෝජන විය හැකි මෙවන් සේවාවක් ඔස්සේ පෞද්ගලිකත්වයේ ගැටලුවක් ගැනද හදාරන්නන්ගේ මතවාද පලවෙමින් තිබෙන බවටයි වැඩි දුරටත් පෙනෙමින් ඇත්තේ.

වැඩි ආරක්ෂිත බවක් සදහා Android 15, Google Play Protect

Google පවසන්නේ තමන් Android 15 හා Google Play Protect වෙතට  scams, fraud, malware වලකන නව අංගයක් ගෙනෙන්නට සූදානම් බවකි. Google I/O 2024 වලදී...