බ්‍රිතන්‍ය අගමැතිතුමන්ගේ අදහසක් වූවේ අසැබි වෙබ් අඩවි කුඩා දරුවන් සදහා පහසුවෙන් විවෘතව තිබීම පාලනය කිරීම අන්තර්ජාල සේවා සපයන්නන්ගේ (ISP) මට්ටමින් පාලනයට කටයුතු කිරීම වඩාත් වැදගත් වනු ඇති බවයි. එතුමන් ඉල්ලා සිටියේ අන්තර්ජාල සේවා සපයන්නන් තත්වය තේරුම් ගැනීමෙන් මෙම තත්වය පාලනය සදහා ඉදිරි පත්වන්නේනම් එය අනගි කාරනයක් වනු ඇති බවයි. නො ඒසේනම් නීතිමය මැදිහත්වීමක් සූදානම් වන බවයි. පලවන නවතම වාර්ථා පවසන්නේ එරට ප්‍රධාන සේවා සපයන්නන් ක්‍රමයෙන් එම මැදිහත්වීමට කටයුතු කරන්නට සැරසෙමින් සිටින බවයි.BT Broadband සමාගම පවස සිටින්නේ නව සබදතා ලබා ගන්නන් සදහා ඔවුනගේ සම්බන්දතාවය පලමු වරට ක්‍රියාත්මක කිරීමේදීම මුල් ස්වභාවයෙන් අසැබි වෙබ් අඩවි වලක්වමින් ක්‍රියාත්මක වන පෙරනය තවදුරටත් පවත්වාගෙන යනවාද නැතිනම් ක්‍රියාවිරහිත කරනවාද යන්න තීර්නය කිරීමේ අවස්ථාව ලැබෙන බවයි. එම ආයතනය වැඩි දුරටත් පැහැදිලි කරන්නේ එම පෙරනයන් Strict, Moderate හා Light ලෙසට වන තේරීම් අවස්ථා තුනකින් වන බවත් එම අවස්ථා තවදුරටත් දවසේ කාල වේලාවන් අනූව සකසා ගත හැකි බවත්ය.වැඩි දුරටත් එම සැකසුම් වල වෙනසක් ඇති වන විට ඊමේලයක් නිකුත්වන ආකාරයට පවා සකසා ගනිමින් මෙම ක්‍රියාත්මක කිරීම වඩාත්සංවේදී මට්ටමකින් පවතවාගෙන යන්නට තමන් කටයුතු කොට ඇති බවටයි පවසා සිටින්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...