2013-12-17

Facebook වෙතට Video ads පැමිනීම මෙම සතියේ සිට....

  පලවන නවතම වාර්ථා පවසන්නේ Facebook මීට පෙර නිවේදනය කර සිටි video ads මෙම සතියේ එලබෙන දින කිහිපය තුලදී ක්‍රියාත්මක කරන්නට බලාපොරොත්තුවන බවකි. භාවිතාකරන්නන්ගේ News feeds අතරට පැමිනෙන්නට නියමිත මෙම දැන්වීම්  තප්පර 15කට සීමා වනු ඇති බවටයි නිවේදනය වන්නේ. මීට පෙර අවස්තාවල් කිහිපයකදීඑම ආයතනය මෙම දැන්වීම් පලකිරීම් ගෙනෙන්නට සැලසුම් කලද අවසානයේ කල්දමන්නට තීර්නය කල අතර අවසානයේ මෙම සතිය තුලට එය යොදවන්නට තීර්නය කර ඇති බවටයි පෙනෙන්නට ඇත්තේ. දැන්වීම් කරුවන් මෙන්ම එම ආයතනයද මෙම උත්සව සමයේ එම නව "Feature" සමග වඩාත් ආකර්ශනීයව භාවිතාකරන්නන්හට සමීපවන්නට බලපොරොත්තුව සමග සි‍ටුනු ඇති බවටයි අනුමානය කරන්නේ. තවමත් මෙම දැන්වීම් වල ස්වභාවය පිලිබදව නිශ්චිත අදහසක් පලව නැති අතර අනුමානය කරන සමහරුන් පවසන්නේ මවුසය ඒවා මතට පැමිනි සැනින් ස්වංක්‍රීයව හා නිහඬව ඒවා ධාවනය සදහා සැකසී තිබෙන්නට නියමිත වනු ඇති බවයි. කෙසේ වෙතත් දැනටමත් අත්හදා බැලීමේ මට්ටමින් තොරා ගත් ගිනුම් සමග මෙම පලකිරීම් පසිගිය සති කිහිපය තුල සිදුව ඇති බවටයි වැඩි දුරටත් නිවේදනය වන්නේ.

SOCIAL NETWORK Vs tATOO

තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...