2013-12-23

Apple වෙතින් 2014දී iWatch සමග සැලසුම් ‍රැසක් ගැන බලාපොරොත්තුවක්!!

  ඇපල් ආයතනයේ CEO වරයා තම ආයතනයේ සේවක මහතුන්වෙත මෙවරද සුපුරුදු  වාර්ෂික ස්තූති ලිපිය මේ වන විට නිකුත්කොට තිබෙනවා.ගෙවී යන වසර තුලදී ආයතනයේ සේවක මහතුන් වෙතින් පලවූ කැපවීම වෙනු වෙන් ස්තූතිය පලකිරීම ප්‍රධානව නිකුත්කරන මෙම ලිපිය ඔස්සේ එලබෙන වසරේ ආයතනයේ සැලසුම් පිලිබදවද ඇගවීමක් කරන්නට කටයුතු කිරීම එහිදී සිදුවන සාමාන්‍ය කටයුත්තකි.CEO වරයා එලබෙන වසරේ සිදුවන්නට නියමිත නිකූතූන් අතරට iWatch smartwatch උපාංගය පිලිබදව අගවන්නට කටයුතු කොට තිබෙනවා. පමාවකට ලක්ව ඇති මෙම නිකුතුව එලබෙන වසරට ඇති ප්‍රධාන නිකුතුවක් වනු ඇති බවටයි එහි අගවා සිටින්නේ. තම ඇප් Store මිලියන 50ක ඇප් බාගතකර ගැනීම සම්පූන කිරීම පිලිබදව සදහන් කරනවා.
                                   ඇපල් ආයතනය එලබෙන වසරේ අඟල් 4.7 හා 5.5 විශාල ප්‍රමානයේ i Phone නිකුතුවක් පිලිබදව පසුගිය කාලයේ පවසා සිටි අතර අඟල් 12 ප්‍රමානයේ iPad එකක් පිලිබදවද තොරතුරු හෙලි කොට සිටියා.මයික්‍රසොෆ්ට් සර්ෆේස් උපකරනය ඉලක්ක කර ගනිමින් පැමිනෙන්නු ඇති බවට එම iPadය පිලිබදව භාවිතාකරන්න අතර බලපොරොත්තුවක් ඇතිව තිබෙනවා.වැඩි දුරටත් එම ලිපිය ඔස්සේ ආයතනයක් ලෙසට තමන් සමාජය වෙතට සිදුකරමින් සිටින මෙහෙවර පිලිබදව සදහන් කරන ඔහු එවැනි ආයතනයක සේවය කරන්නට ලැබීම ලොව වාසනාවන්තතම මිනිසෙකුගේ හැගීම තමන් වෙත කැදවන්නක් බවටයි පවසා සිටින්නේ.

වැඩි ආරක්ෂිත බවක් සදහා Android 15, Google Play Protect

Google පවසන්නේ තමන් Android 15 හා Google Play Protect වෙතට  scams, fraud, malware වලකන නව අංගයක් ගෙනෙන්නට සූදානම් බවකි. Google I/O 2024 වලදී...