ක්‍රමයෙන් තොරතුරු ලොව භාවිතාව සාමන්‍ය ජීවිතය තුලට වැඩි වැඩියෙන් පිවිසෙන විට පැරනි භාවිතාවන් හට නව අවකාශ වෙතට පිවිසෙන්නට සිදුවීම මේ වන විටත් දැකිය හැකි සිදුවීමකි. මයික්‍රසොෆ්ට් සමාගම පවසන්නේ තම මීලග මෙහෙයුම් පද්ධතිය නිකුතුව සමග මෙහෙයුම් පද්ධති සදහා එකම ඇප් ස්ටෝර්වක් ඔස්සේ බගාත කිරීම් කර ගන්නට සිදු වන්නට ඉඩ ඇති බවය. තවත් දෙසකින් හදාරන්නන් පවසන්නේ සියලු මෙහෙයුම් පද්ධති සදහා පොදු ඇප් අවකාශයක් නිර්මානය කර ගැනීම අත්‍යාවශය වෙමින් ඇති බවකි.පොදුවේ සලකීමේදී භාවිතාකරන්නන්ගේ සංකීර්න මෙන්ම සමාන්තරව සිදුවන බහු උපකර භාවිතය ඉදිරියේ තව දුරටත් තොරතුරු උපාංග සමාගම් වෙන්ව පවතින දූපත් ලෙසට තොරතුරු අවකාශයේ පැවතීමට නොහැකි වනු ඇති බවය. ඒවාට අනිවාර්යෙන් එක් තලයකදී හමු වන්නට සිදුවීම අනිවාර්ය වනු ඇති බවය.එලබෙන මාසයේ පැවත්වීමට නියමිත Consumer Electronics Show වලදී PC Plus නමින් පැමි නෙන්නට නියමිත නව හදුන්වදීම සමග එකම පරිගණකයකදී වින්ඩෝස් 8.1 සමග Android apps ධාවනයටද හැකි වනු ඇති බවය. සංකල්පයක් ලෙසට මෙම භාවිතාව නවතම එකක් නොවුනද භාවිතාවක් ලෙසට මෙම පිවිසුම බොහෝ දෙනාගේ අවධානය ලබා ගනු ඇති බවටයි ඔවුනගේ බලාපොරොත්තුව වන්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...