2023-05-24

Windows 11 වල "Moment 3" යාවත්කාලීනය නිකුත්වේ.

Microsoft පවසන්නේ Windows 11 සදහා වන මීලග ප්‍රධාන යාවත්කාලිනය වන "Moment 3" එලබෙන May 24, 2023 ට සුදානම් බවයි. මෙය එහි public release එක වන අතර එය මේ වන විට මාස ගනනක් Windows Insider program වලදී අත්හදා බැලීමෙන් අනතුරුව වන නිකුතුවක් ලෙසටයි පැහැදිලි කෙරෙන්නේ. තවමත් මෙම නිකුතුවට අදාල නිළ නාමයක් ප්‍රකාශයට පත්ව නැති අතර "Moment 3" යනු හදාරන්නන් වැඩිටෙන්ම ඒ සදහා යෝජනා කරන නාමය වනවා. මෙය විශාල යාවත්කාලීනයක් නොවන බවත් මුත් විශේෂිත වෙනස්කම් කිහිපයකින් මෙන්ම ආකර්ශනීය  නවාංග වලින් සමන්විතව පැමිනෙන බවට බලාපොරොත්තු වෙමින් තිබෙනවා.ඔබගේ windows 11 ස්ථාපිත පරිගනකයේ Settings > Windows Update ඔස්සේ පිවිස මෙම යාවත්කාලීනය ලබා ගන්නට හැකි වන අතර මීලග Patch Tuesday වන June 13, 2023 දා වන විට සියලුම භාවිතාකරන්නන් සදහා නිකුත් වනු ඇත.
Pubuud Siriwansa  -  www.Pariganakaya.Tech


 

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...