2023-05-19

Google වල අක්‍රිය ගිනුම් මකා දැමීම.

Google  දින කිහිපයකට පෙර නිවේදනය කර සිටියේ වසර දෙකක් තිස්සේ භාවිත නොවී ඇති personal accounts මකා දමන්නට තමන් කටයුතු කරන බවකි. ඔවුන් පැහැදිලි කර තිබුනේ account හා contents යන දෙයාකාරයටම මෙම මකා දැමීම සදහා අදාල වන බවකි. මෙහිදී ඔවුන් Google Workspace (Gmail, Docs, Drive, Meet, Calendar), YouTube, Google Photos ආදී සියල්ල ගැන සඳහන් කර තිබිනි. මේ වන විට Google පවසන්නේ YouTube videos සහිත අවස්ථාවලදී මෙම තීරණය බල නොපාන බවකි.
    පෙර තීරනය සමග Google පවසා සිටියේ inactive accounts ඔස්සේ ආරක්ශිත බවට වන තර්ජනයද තමන් සලකමින් සිටින බවකි. බොහෝ විට අත්හැර දමන ලද ගිනුම් වල අවසර පද compromised ව තිබීමත්, ඒවා සදහා two-factor authentication වැනි ආරක්ෂක ක්‍රම භාවිතානොවීමත් පෙන්වා දී තිබුනා. ආයතනය වැඩි දුරටත් පවසා තිබුනේ මෙම අක්‍රිය ගිණුම් මකා දැමීම  December 2023 වල සිට සිදුකරන්නට සැලසුම් කර ඇති බවත්, ඊට පෙර account email වලට මෙන්ම recovery email address වලට දැනිම් දීම් කරන්නට සැලසුම්ව ඇති බවත්ය. යම් අයෙකුට මෙම පියවර මග හරින්නට අවශ්‍ය නම් තම ගිණුමට පිවිස යම් ක්‍රියාකාරකමක් ගිනුම තුල සිදුකිරීම වැදගත් බවටයි පැහැදිලි කෙරෙන්නේ.
Pubudu Siriwansa -  www.Pariganakaya.Tech


 

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...