2023-05-06

Starlink තම 1.5 million subscribers සීමාව ඉක්මවයි.

SpaceX පවසන්නේ තම Starlink ව්‍යාපෘතිය යටතේ ලොවපුරා 1.5 million ගනුදෙනු කරුවන් පිරිසක් සිටින බවයි. මීට මාස 5කට පමන පෙර ඔවුන් පවසා සිටියේ පලවන මිලියනයක සේවාව ලබන්නන් සංක්‍යාව තමන් පසුකල බවයි. 2015දී පමන පිහිටවනු ලැබූ මෙම ආයතනය 2019 වන විට තම low-orbit satellites සේවාව ඇරබූ අතර Starlink වල ඉලක්කය වන්නේ 12,000 ක satellites ඔස්සේ ලොවපුරා විසිරුනු අන්තර්ජාල සේවාවක් ලබාදීම වනවා. වාර්ථා වන්නේ ඔවුන් දැනටමත් 4,000 Starlink satellites ගුවන්ගත කොට ඇති බවයි. මේ වන විට ඔවුන්ගේ සේවාව සදහා එක්වරක් ගෙවන $599 ක මූදලක් සමග $120/mo ගෙවීමක් යටතේ 100Mbps වේගයක් සහිත අන්තර්ජාල සේවාවක් ලබා ගන්නට හැකි අතර ස්ථාවර සබන්දතා මෙන්ම commercial flights මෙන්ම large moving vehicles  සදහාද අන්තර්ජාල සේවාව ලබා දෙන්නට කටයුතු කරමින් සිටිනවා.
Pubudu Siriwansa  -  www.Pariganakaya.Tech


 

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...