2023-05-22

China හා US සීතල තාක්ෂණික යුද්ධයක.

China වලින්ද ප්‍රථම වරට US මූලික chipmaker නිපැයුමක් තම  රට තුල තහනම් කරන්නට පියවර ගෙන ඇති බවට වාර්ථාවේ. US මූලික ආයතනයක් වන Micron වෙතට මෙම තහනම පනවා ඇති අතර එම තීරණයට පදනම ලෙසට සලකා ඇති කාරනය " major security risk" ලෙසට පැහැදිලි කරමින් සිටී. එරට Cyberspace Administration විසින් පසුගිය මාර්තුවේ සිට මෙම සලකා බැලීම සිදුකොට ඇති අතර මේ වන විට එම චෝදනාව තහවුරු කරගෙන මෙම තීර්නයට පිවිස ඇති බවටයි නිවේදනය වන්නේ.එම හැදෑරීමේදී මෙම භාවිතාවන් අවසානයේ චීනයේ national security මට්ටමට බලපෑමක් වන්නට ඉඩ ඇති බවටයි තීර්නය කර ඇත්තේ. කෙසේ වෙතත් මේ ගැන US දෙසින් පැවසෙන්නේ පදනමකින් තොර චෝදනාවක් බවකි. මේ වන විටත් US විසින්ද චීනයේ Semiconductor Manufacturing International Corporation (SMIC)  වල නිපැයුම් එරටට තහනම් කරන්නට කටයුතු කර ඇති අතර හදාරන්නන් පවසන්නේ "සීතල තාක්ෂණික යුද්ධයක" සේයාවක් තමන් දකිමින් සිටින බවකි.
Pubudu Siriwansa  -  www.Pariganakaya.Tech


 

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...