2023-05-05

LinkedIn 20 වසර සපුරයි.

 LinkedIn හඳුනා ගන්නේ වෘතීය මට්ටමේ social network එකක් ලෙසටය. එහි නිළ ආරම්භක දවස ලෙසට සටහන්වන්නේ May 5, 2003 දාය. ලොවපුරා භාවිතකරන්නන් මිලියන 950ක් රටවල් 200කට වඩා වැඩි ප්‍රමානයකින්  මෙහි යනෙන්නන් වන බවට ගනනය වන මෙම ප්‍රකට සමාජ ජාලාවට ඒ අනූව වසර 20ක් සපිරෙන දිනය අද වේ. 1994 වන විට  Apple ආයතනයේ සේවය කරමින් සිටි Hoffman විසින් eWorld ලෙසට හා 1997 වන විට SocialNet.com ලෙසට අත්හදා බැලීම් වලින් අනතුරුව කල මෙම දියත්කිරීම වෙතට 2004 වෙද්දී 1.2 million ක කැඳවා ගන්නට සමත්වූ බවටයි වාර්ථාවන්නේ. අනෙකුත් professional networks හා සැසදීමේදී සමස්ථ භාවිතාකරන්නන්ගෙන් 73% මේ වෙතට කඳවා ගන්නට සමත්ව සිටින බවට ගනනය වේ. 2016 දී  $26.2 billion කට Microsoft ආයතනය මෙය මිළඳී ගන්නට කටයුතු කරන ලදී.
Pubudu Siriwansa  -  www.Pariganakaya.Tech


 

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...