2023-05-26

සයිබර් පුරවැසියාට ආවේනික සංස්කෘතියක් අවශ්‍යව තිබේ.

සයිබර් පුරවැසියාට ආවේනික සංස්කෘතියක් අවශ්‍යව තිබේ. එය වසර දහසක් ගනනක් තිස්සේ අප වටා ඉදිව තිබෙන සාම්ප්‍රධායික සංස්කෘතික රටාවෙන් වෙනස් වන්නට අවශ්‍ය වන්නේ ඒ සදහා පාදකව තිබූ බොහෝ සාධක අවසන් කර දමා නව ආකාරයක් එය ගොඩ නගා ඇති බැවිනි.සරල උදාහරණ නම් දුර හා කාලය පිලිබඳ සාධකයන්ය. අන්තර්ජාලයේ ශක්‍යතාවය එම සාධක අගයන් රහිත කර ඇත.එපමනක් නොවේ මාධය කරණයේ  සියලු මහා සාධක එය අභියෝගයට ලක් කර ඇති ආකාරය දෛනිකව අපි අත්විඳිමින් සිටින්නෝද වෙමු.දශක කිහිපයකට පෙර BBC, CNN වැනි මාධ්‍ය සතුව තිබූ ප්‍රචාරණ හැකියාව ඈත එපිට ගම්මානයක වන ප්‍රාථමික වැසියෙකුට විත් ඔහුගේ ග්‍රාම්‍ය ‍රැගුමකට ඉතා කෙටි කලකින් ලොවේම අවධානය ලැබුනේ කෙසේ දැයි විමසන්නට වන දිනය අප පසුකරමින් සිටී. එපමනක්ම නොවේ. බැරෑරුම්ම කොටස එන්නට නියමිතව ඇත. එනම් ක්‍රමයෙන් ප්‍රධාන අවකාශ සියල්ලම ඔස්සේ දියත්වෙමින් ඇති AI හැකියාවය.තවමත් නොපැමින ඇති  සංස්කෘතික ‍රැහැනකට එය ගැටගසන්න අවශ්‍ය බව ලොවපුරා විද්වතුන්ගෙන් මෙන්ම ප්‍රධාන පෙලේ නායකයින්ගේද අවධානයට ලක්වෙමින් තිබීම වාසනාවකි. නැතිනම් සමහර විට කලින් කලට නෙන නිර්මාණ ඔස්සේ අප කියවමින් සිටි කෘතීම බුද්ධිය මිහිමත මිනිස් සංස්කෘතියේ ආධිපත්‍යය අක්‍රමනයට කටයුතු කීරීම සරල පියවරක්ම පමනක් වනු ඇත.

Pubudu Siriwansa  =  www.Pariganakaya.Tech 

 

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...