2023-05-23

WhatsApp වල පසු සංස්කරණ හැකියාව සියල්ලන්ටම විවෘත වේ.

ලොව පුරා මිනිස් සබඳතා අවකශයේ තීරනාත්මක භාවිතාවක් ලෙසට  WhatsApp සටහන් වෙමින් තිබේ. පෞද්ගලික මට්ටමේ සිට වෘතීය මෙන්ම ව්‍යාපාරික දිසාවන් දක්වාම එය දිනෙන් දින පැතිරෙමින් තිබේ. විශේෂයෙන්ම එය ‍රැගෙන එන end-to-end encrypted හැකියාව භාවිතාකරන්නන් හට වඩාත් ආරක්ශිත බවක් දනවන අතර එය විසින් තම සබදතා අතර හුවමාරුවන තොරතුරු වලට එබී බලන්නට නොහැකි කර තිබීම මහත් ප්‍රසාදයට ලක්වූ කරුනක්ව තිබේ. WhatsApp නිවේදනය කර සිටින්නේ භාවිතාකරන්නෙකු යවන ලද text message එකක් edit කිරීමේ හැකියාව මේ වන විට සියලුම භාවිතාකරන්නන් වෙතට විවෘත බවය. ඒ සදහා නවතම යාවත්කාලීන සමග සිටීම අදාල බව පවසන ඔවුන් එම පහසුව WhatsApp Web Beta හා WhatsApp Android Beta වලින් පෙරට ගෙන ඇති බවටයි පැහැදිලි කෙරෙන්නේ. මෙම හැකියාව  June 2022. වලදී තම Android සංස්කරණය සමග පලමුව නිවේදනය වූවක් ලෙසට පැවසේ. එම ආයතනය වැඩි දුරටත් පැහැදිලි කරන්නේ යවන ලද messages එකක් එය යවා විනාඩි 15 තුලදී මෙම edit පහසුවට විවෘත බවත් අදාල පනිවිඩය මත long-press එකක් සමග එන මෙනුවෙන් ‘Edit’  තොරා ගැනීම ඔස්සේ ඉදිරියට යාහැකි බවත්ය. එසේම ඔවුන් පවසන්නේ මෙම පසු edit භාවිතාවෙන් අනතුරුව අදාල පනිවිඩය යටින් ‘edited’  ලෙසට සටහනක් එක්වන බවයි. සමස්ථයක් ලෙසට මෙම හැකියාව සමග යවන ලද පනිවිඩයක misspelling නිවැරදි කිරීමක සිට එහි කරුණු වෙනස් කිරීමකට අවශ්‍ය වීම දක්වා පහසුවක් ගෙනෙනු ඇත.
Pubudu Siriwansa  -  www.Pariganakaya.Tech


 

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...