2024-05-18

වැඩි ආරක්ෂිත බවක් සදහා Android 15, Google Play Protect

Google පවසන්නේ තමන් Android 15 හා Google Play Protect වෙතට  scams, fraud, malware වලකන නව අංගයක් ගෙනෙන්නට සූදානම් බවකි. Google I/O 2024 වලදී මේ බව පවසමින් ඔවුන්  පැහැදිලි කර සිටින්නේ එපමනක් නොව නව ටූලය developers වෙතටද හානිකර පිලිබඳව අනතුරු අගවමින් සහය දක්වන්නට සූදානම්ව පැමිනෙනු ඇති බවකි. Google දැනටමත් පවසා ඇත්තේ Android 15 සමග ආරක්ශිත බව ඉහල නංවන අංග කිහිපයක්ම සංයුත්තව එවන්නට තමන් කටයුතු කරන බවකි. විශේෂයෙන් banking trojans, spyware වැනි හානිකර අංග පිලිබඳව මෙහිදී අවධාරනය කර ඇත. දුරකථන වෙතට පැමිනෙන  messages / notifications වලින් තොරතුරු සොරා ගැනීම බහුල අවධානයක් දිනා ඇති ක්‍රමයක් වන අතර සමහර Android malware සමගින් Google Authenticator වලින්ද MFA codes සොර ගැනීම් වාර්ථා වෙමින් තිබේ. මීට අමතරව භාවිතා කරන්නන් නොමග යවමින් ලබා ගන්නා   permissions  සදහාද බධා   පමුනවන්නට ද එම අයතනය වැඩි පියවර ගනිමින් සිටී. නව අංගයක් වන Google Play Protect live threat detection ඔස්සේ AI  මූලික සහයක්ද ගෙනෙන්නට ඔවුන් කටයුතු කරමින් සිටී.
Pubudu Siriwansa
www.pariganakaya.tech


 

Meta ගෙනෙන Movie Gen

  Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත  වීඩියෝ  (realistic-seeming)  නිපදවා   ගන්නට...